පරිභෝජනයට නුසුදුසු පරිප්පු කිලෝ ලක්‍ෂ 9 ක් කොහිලවත්තෙන් අල්ලයි

75

වෙළෙඳපොළට හොර රහසේ නිකුත්කිරීමට සූදානම් කර තිබූ මිනිස් පරිභෝජනයට නුසුදුසු පරිප්පු කිලෝ නව ලක්‍ෂ පනස්දහසක් පසුගියදා කොහිලවත්ත ප‍්‍රදේශයේ ගබඩාවකදී සැකකරුවන් දෙදෙනකුද සම`ග ගොතටුව මහජන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

පරිභෝජනයට නුදුසුසු පරිප්පු තොගයක් වෙළෙඳ පොළට නිකුත්කිරීමට සූදානම් කරමින් තිබෙන බවට එම නිලධාරීන්ට ලැබුණු ඔත්තුවක් මත වැලීම සිදු කර ඇත.

මෙම වැටලීම සඳහා ගොතටුව ප‍්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්‍ෂක නලීන් පොන්සේකා, මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන් වන එච්. එස්. හෙට්ටිආරච්චි, පී. ඒ. එස්. කසුන් සම්පත් රත්නවීර, ධනංජන ගමගේ, නවීන් ප‍්‍රියමාල් යන මහත්වරු සහභාගී වූහ.

ධර්මසේන වැලිපිටිය. යූ. කේ. අබේරත්න

advertistmentadvertistment
advertistmentadvertistment