පරිවාස භාරයේ සිටි කල්මුණේ දැරියක් අතුරුදන්

508

අපයෝජනයට ලක්වීම නිසා පරිවාසයට යොමු කරලා – දැරිය සෙවීමට පොලිස් මෙහෙයුම්

කල්මුණේ ඉස්ලාමාබාද්හි පිහිටි පරිවාස භාරයේ සිටි දැරියක් අතුරුදන් වීමේ පුවතක් පෙරේදා (29 දා) වාර්තා වේ. දැරිය පෙරේදා දින සිට අතුරුදන් වී ඇති බව එම පරිවාස කාර්යාලයේ නිලධාරීන් විසින් මේ පිළිබඳව කල්මුණේ පොලිසියට පැමිණිළි කර තිබේ.මෙසේ අතුරුදන් වී ඇත්තේ අම්පාර නින්දවූර් ප්‍රදේශයේ පදිංචි 16 හැවිරිදි දැරියකි.ඇය කිහිප දෙනකුගේ අපයෝජනයට ලක්ව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පරිවාස භාරයට පත්කර ඇත.එම දැරිය සිද්ධිය වූදා දහවල් ආහාර ගැනීමෙන් අනතුරුව එම පරිශ්‍රයේ සිටි බවත්” පසුව ප’ව’ 2’30 ට පමණ දැරිය අතුරුදන්වූ බවත් එම පරිවාස පාසලේ භාරකරු විසින් පොලිසියට පවසා ඇත.සිද්ධිය සැළවූ වහාම කල්මුණේ මූලස්ථාන පොලිස් පරීක්ෂක එම්’ රම්ෂින් පකීර් මහතාගේ මඟපෙන්වීම යටතේ කල්මුණේ පොලිසියේ සුළු අපරාධ අංශ භාර ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එම්’ එල්’ රෆීක් මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු කණ්ඩායමක් සිද්ධිය වූ ස්ථානයට ගොස් පරීක්ෂණ ආරම්භ කළ අතර දැරිය සෙවීමේ කටයුතුද ආරම්භ කර ඇත’ වැඩිදුර පරීක්ෂණ කල්මුණේ පොලිසිය විසින් පවත්වනු ලබයි.

කල්මුණේ – ආර්’ ශ්‍රීවේල් රාජා
 

advertistmentadvertistment
advertistmentadvertistment