පරිසරය මරාදමා – අත්වැල්තොට පීලිතුඩ ඇල්ල – කුඩා ජල විදුලි බලාගාරයකට දීම වහා නවතනු…!

531

මෙම ඇල්ල ආශ‍්‍රිත පරිසර පද්ධතිය නාය යෑම් හේතුවෙන් හා එහි ඇති ජෛව විවිධාත්මක වටිනාකම හේතුවෙන් කිසිසේත්ම විදුලි බලාගාරයක් ඉදි කිරීම සඳහා යෝග්‍ය නොවන අතර තවදුරටත් මෙම ව්‍යාපෘතිය සඳහා අනුමැතිය ලබා දීමක් සිදු නොකර මෙම අවස්ථාවේදීම මෙම ව්‍යාපෘතිය ඉදි කිරීම නවතා දැමීමට කටයුතු කිරීමෙන් ව්‍යාපෘති යෝජක ආයතනයට ඔවුන්ගේ මුදල් තවදුරටත් වියදම් වීම වැළකී යනු ඇත. එමෙන්ම මෙම ව්‍යාපෘතියට අනුමැතිය නොදීම තුළ මෙම පරිසර පද්ධතිය ආශ‍්‍රිතව තර්ජනයට ලක් වන මත්ස්‍ය විශේෂ හා පරිසරය රැකෙනු ඇත.

පරිසරය මරාදමා - අත්වැල්තොට පීලිතුඩ ඇල්ල - කුඩා ජල විදුලි බලාගාරයකට දීම වහා නවතනු...!

කළුතර දිස්ත‍්‍රික්කයේ, පාලින්දනුවර ප‍්‍රාදේශීය ලේකම් බල ප‍්‍රදේශයට අයත් පැලැන් ගඟ ආශ‍්‍රිතව පිහිටා ඇති අත්වැල්තොට දිය ඇල්ල හරස් කරමින් ඉදි කිරීමට යන කුඩා ජල විදුලි බලාගාරය හේතුවෙන් පාරිසරික ගැටලූ ගණනාවක් මතුවිය හැකි බව පරිසර යුක්ති කේන්ද්‍රය මගින් පෙන්වා දී ඇත. Sakura energy (Pvt) Ltd, නම් පුද්ගලික සමාගමක් මගින් මෙම කුඩා ජල විදුලි බලාගාරය ඉදිකිරීමට යෝජිතව තිබේ.

පරිසරය මරාදමා - අත්වැල්තොට පීලිතුඩ ඇල්ල - කුඩා ජල විදුලි බලාගාරයකට දීම වහා නවතනු...!

මෙම ඇල්ල ආශ‍්‍රිත පරිසර පද්ධතිය ඉතා අධික ජෛව විවිධත්වයකින් යුක්ත කලාපයකි. ඒක දේශික මත්ස්‍ය විශේෂ 15ක් හා ආවේණික මත්ස්‍ය විශේෂ 18 ක් මෙම දියඇල්ල ආශ‍්‍රිත ප‍්‍රදේශය වාසස්ථානය කර ගෙන ඇත. එසේම ස්ථානීය තර්ජනයට ලක් ව ඇති කළු වරල් හල්මල් දණ්ඩියා (Rasboraides nigromaginatus) ජීවත් වන්නේ පීලිතුඩ ඇල්ල ආශ‍්‍රිතව පමණි. ඊට අමතරව විශේෂිත වු ජලජ පැලෑටි මෙම ජෛව පද්ධතිය තුළ ඇති අතර ගඟ දෙපස ඉවුරු වල උරගයන් සහ මැඩියන් විශේෂ ගණනාවක් ජීවත් වේ. එයට හේතුව මෙම ගඟ ආශ‍්‍රිත පරිසර කලාපය අදටත් තර්ජනයට ලක් නොවීම හේතුවෙනි.

 සකුරා බල ශක්ති සමාගම නම්  සමාගමක් විසින් අත්වැල්තොට පීලිතුඩ ඇල්ල මූලික කරගනිමින් සෑදීමට කටයුතු යොදා ඇති ජලවිදුලි බලාගාරයට පාරිසරික හා සමාජයීය කාරණා හේතුකොටගෙන අවසර දීමෙන් වැළකෙන ලෙස වසර 10කට අධික කාලයක් තිස්සේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් හා පරිසර අධිකාරියෙන් ඉල්ලා සිටියද, ඒ පිළිබඳව කිසිදු තැකීමක් නොකර නැවත වතාවක් අනුමැතිය ලබාදීම සඳහා ක්ෂේත‍්‍ර පරීක්ෂණයක් 2021/12/09 වන දින පැවැත්වීමට කටයුතු යොදා තිබීම ඉතා කනගාටුදායකය. මහජන මතය හා පරිසර හානි නොසලකා පරිසර සංරක්ෂණය සඳහා පිහිටුවා ඇති පරිසර ආයතන පරිසර දූෂකයන්ගේ හිත් පිනවීම සඳහා කටයුතු කරන බවට මෙය තවත් එක් උදාහරණයකි.

 තවද පසුගිය සමයේ විවිධ පාරිසරික විරෝධතා හා මහජන අකමැත්ත මත නවතා දමා තිබූ වලවේ ගෙ`ග් ඉලූක්පෑලැස්ස ඇතුළු යෝජිත ජල විදුලි බලාගාර 19ක කටයුතු ඉක්මන් කරන ලෙස පුනර්ජනනීය බලශක්ති පිළිබඳ ඇමැති දුමින්ද දිසානායක විසින් නියෝග නිකුත් කොට ඇත.

 පාලින්දනුවර ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ මොරපිටිය අත්වැල්තොට පිහිටි පැලැන් ගඟ ආශ‍්‍රීත පීලිතුඩ ඇල්ල සිංහරාජ පරිවාර වනාන්තර පද්ධතියෙන් පෝෂණය වන්නකි. එය අත්වැල්තොටත්, මොරපිටියත් අතර ප‍්‍රදේශයේදී පරිසරයට සහ සොබාදහම වර්ණවත් කරමින් මීටර් 5 පමණ උසකින් යුතු දිය ඇල්ලක් සමගින් පහළට ගලා බසී. මෙම ඇල්ල ආශ‍්‍රිත පරිසර පද්ධතිය ඉතා අධික ජෛව විවිධත්වයකින් යුක්ත කලාපයකි. ගාල්ලේ වනජීවී සංරක්ෂණ සංගමය පෙන්වා දෙන පරිදි ඒක දේශික මත්ස්‍ය විශේෂ 15ක් හා ආවේණික මත්ස්‍ය විශේෂ 18 ක් මෙම දියඇල්ල ආශ‍්‍රිත ප‍්‍රදේශය වාසස්ථානය කර ගෙන ඇත. ඊට අමතරව විශේෂිත වු ජලජ පැලෑටි මෙම ජෛව පද්ධතිය තුළ ඇති අතර ගඟ දෙපස ඉවුරු වල උරගයන් සහ මැඩියන් විශේෂ රැසක් ජීවත් වේ.

 2007 වසරේ පටන් සකුරා බලශක්ති පුද්ගලික සමාගම නම් ආයතනය මෙම ඇල්ල හරස් කරමින් මෙගා වොට් 1.5 ක කුඩා ජල විදුලි බලාගාරයක් ඉදි කිරීමට කටයුතු කරමින් සිටී. මෙම ඇල්ල ආශ‍්‍රිතව එවැනි විදුලි බලාගාරයක් ඉදි වුවහොත් ඉහත කී පරිසර පද්ධතිය සම්පූර්ණයෙන්ම විනාශ වී යනු ඇත. දිය ඇල්ල මත මීටර 1.5 කට වැඩි බැම්මක් බැඳ ගෙ`ග් මීටර 900ක් පමණ වියැලෙන පරිදි බට මගින් ජලය පහළට ගෙන යෑමට නියමිතය. එමගින් සංචාරකයන් මෙන්ම සෑම වසරකම නියං සමයේදී මොරපිටිය ආශ‍්‍රිත ගම්මාන වල ජනතාව ස්නානය කරන ස්ථාන දෙකම මහ ජනතාවට අහිමි වනු ඇත. ගඟ දිගේ ඇති වනාන්තර කොටසේ ගස් රාශියක් විනාශ වනු ඇත.

 2014 වසරේදී මෙම ඇල්ල ආශ‍්‍රිතව මූලික පාරිසරික පරේයේෂණ වාර්තාවක් (IEE) සකසමින් ඒ සඳහා අදාළ ආයතනවල අනුමත ලිපි ලබා ගනිමින් පීලිතුඩ ඇල්ල හරස් කරමින් විදුලි බලාගාරය ඉදි කිරීමට කටයුතු සම්පාදනය විය. එම අවස්ථාවේදී මොරපිටිය හා අත්වැල්තොට ජනතාව මේ සඳහා දැඩි විරෝධයක් එල්ල කළ අතර පරිසර යුක්ති කේන්ද්‍රය විසින් අධිකරණ ක‍්‍රියාමාර්ගයකට ද යොමු විය. එහිදී කාලාවරෝධය මත පදනම්ව ගනිමින් නඩුව නිශ්ප‍්‍රභ කළ නමුත් එය අධිකරණය මගින් මෙම ව්‍යාපෘතිය අනුමත කිරීමක් නොවන බව පැහැදිලිව සඳහන් කළ යුතුය.

 මේ අතර මෙහි ජීවත් වන ආවේණික මත්ස්‍යයන් සම්බන්ධයෙන් ජාතික ජලජ සම්පත් නියෝජිතායතනය හෙවත් නාරා ආයතනය මගින් ද පර්යේෂණ වාර්තාවක් සකසන ලදි. එතැන් පටන් අද වන තුරු මෙම දිය ඇල්ල ආශ‍්‍රිත කිසිදු ක‍්‍රියාකාරකමක් හෝ ඉදි කිරීමක් සිදු නොවුනි.

 තත්ත්වය මෙසේ තිබියදී 2017 වර්ෂයේදී මෙම ඇල්ල ආශ‍්‍රිත ප‍්‍රදේශය නාය යෑමේ තර්ජනයට ලක් වීම හේතුවෙන් ජිවිත 09 ක් හා දේපල විනාශයට පත් විය. මෙම ඇල්ල දෙපස කිලෝමීටරයක පමණ ප‍්‍රදේශය තුළ ජීවත් වන ජනතාවට අධික වැසි සහිත අවස්ථා වලදී මෙම ප‍්‍රදේශයෙන් ඉවත් වන ලෙසද අධි අවදානම් රතු නිවේදන නිකුත් කරයි. මේ වන විටත් යම් පවුල් සංඛ්‍යාවක් දැඩි අවදානම් ස්ථාන වලින් ඉවත් කර ඇත. ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය (NBRO) මගින් නිකුත් කළ නාය යෑම් සිතියමට අනුව නාය යෑම් කිහිපයක් මෙම කලාපයට ඇති අතර ඉන් එකක් යෝජිත බලාගාරයට ඉහළින් ඇත. තවත් කිහිපයක් අත්වැල්තොට ගංගාරාම විහාරස්ථානයට ඉහළින් මේ වන විටත් නායගිය ස්ථානයේ ඇත. මෙහි විනාශය රුපියල් මිලියන 66ක් පමණ වෙයි. මේ ස්ථානයේ මේ වනවිට සංරක්ෂණ ව්‍යාපෘතියක් ක‍්‍රියාත්මක කරයි.

 2014 වර්ෂයේ සකසා ඇති මූලික පාරිසරික වාර්තාව හා එම අවස්ථාවේදීම ලබා ගත් ආයතනික අනුමැතීන් පදනම් කර ගනිමින් යළිත් වරක් මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීමට සකුරා බලශක්ති පුද්ගලික සමාගම කටයුතු කරමින් සිටී. ප‍්‍රදේශයේ ජනතාව ඉවත් කිරීමට නිර්දේශ කළ ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය සකුරා එනර්ජි ආයතනයට ව්‍යාපෘතිය කරගෙන යෑමට හැකිවන පරිදි නිර්දේශ නිකුත් කිරීම ප‍්‍රශ්න සහගතය.

 මෙම මූලික පාරිසරික වාර්තාව සකසා වසර 06 කට පසුව එම වාර්තාව මතම ව්‍යාපෘතිය කරගෙන යෑමට ඉල්ලීම නීති විරෝධීය. 1980 අංක 47 දරණ ජාතික පාරිසරික පනතේ ඇති පරිසර තක්සේරු සම්බන්ධ නීතියට අනුව සාමාන්‍යයෙන් වාර්තාව සකසා වසර 03ක් ඇතුළත එය ක‍්‍රියාත්මක කළ යුතු වේ. එසේ නොමැති නම් එහි වලංගුභාවය අහෝසි වී යනු ඇත. තවද මේ සඳහා නිකුත් කර ඇති අනෙකුත් අවසර පත‍්‍රයක් හෝ වලංගු කාලය ද මේ වන විට ඉක්මවා ගොස් තිබේ. එවැනි අවස්ථාවකදී නැවත වරක් පරිසර වාර්තාවක් සහ ආයතනික අනුමැතීන් මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ලබා ගැනීමට අවශ්‍ය වේ. පාලින්දනුවර ප‍්‍රාදේශීය සභාව මෙම ව්‍යාපෘතියට අවසර නොදෙන බවට ඒකමතිකව සම්මත කරගෙන ඇත. පාලින්දනුවර ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයද මෙම ව්‍යාපෘතියට එරෙහිව විශාල මහජන මතයක් ඇති බව අදාළ ආයතන වලට දනුම් දී ඇත.

 අප විශ්වාස කරන පරිදි මෙම ඇල්ල ආශ‍්‍රිත පරිසර පද්ධතිය නාය යෑම් හේතුවෙන් හා එහි ඇති ජෛව විවිධාත්මක වටිනාකම හේතුවෙන් කිසිසේත්ම විදුලි බලාගාරයක් ඉදි කිරීම සඳහා යෝග්‍ය නොවන අතර තවදුරටත් මෙම ව්‍යාපෘතිය සඳහා අනුමැතිය ලබා දීමක් සිදු නොකර මෙම අවස්ථාවේදීම මෙම ව්‍යාපෘතිය ඉදි කිරීම නවතා දැමීමට කටයුතු කිරීමෙන් ව්‍යාපෘති යෝජක ආයතනයට ඔවුන්ගේ මුදල් තවදුරටත් වියදම් වීම වැළකී යනු ඇත. එමෙන්ම මෙම ව්‍යාපෘතියට අනුමැතිය නොදීම තුළ මෙම පරිසර පද්ධතිය ආශ‍්‍රිතව තර්ජනයට ලක් වන මත්ස්‍ය විශේෂ හා පරිසරය රැුකෙනු ඇත. එමෙන්ම මෙම ඇල්ල ආශ‍්‍රිත ප‍්‍රදේශයේ නාය යෑම් තර්ජනයට මැදි වී ජිවිකාව ගෙවන ජනතාවගේ ජීවිත සුරක්ෂිත කිරීමට ද හේතු වේ. මධ්‍ය කඳුකරයෙන් හා සිංහරාජයෙන් ගලන සියලූ ගංගා ජලවිදුලි බලාගාර වලින් අවහිර කර තිබියදී දැනට වනාන්තර මූලාශ‍්‍රය දක්වා ගලන්නට ඉතිරිවී ඇති පැලැන් ගඟ හා මගුරු ගඟ මසුන්ගේ පර්යටනය වෙනුවෙන් ආරක්ෂා කළ යුතුව ඇත.

 පූජ්‍ය පාහියන්ගල ආනන්ද සාගර හිමි, හේමන්ත විතානගේ, නයනක රන්වැල්ල, සජීව චාමිකර, දිලෙන පාත‍්‍රාගොඩ යන අය විසින් නිකුත් කර ඇති ඒකාබද්ධ කරුණු දැක්වීමකි.

advertistmentadvertistment
advertistmentadvertistment