පරිසරය රැකගැනීමට ඉන්දියාව තදින් සිටී

577


පරිසර දූෂණය අවම සඳහාවූ ඉලක්ක සපුරාලීමට සංවර්ධිත රටවලට නොහැකිවී ඇතැයි ඉන්දීය පරිසර හා කාලගුණ වෙසන්වීම් පිළිබඳ ඇමැති භූපේන්ද‍්‍ර යදව් මහතා පවසයි.සංවර්ධිත රටවල් විසින් පරිසරයට මුදාහරින කාබනික වායු සහිත දුම් සියයට 18කින් අඩු කිරීමට පොරොන්දුවුවත් ඔවුනට එය කළහැකිව ඇත්තේ සියයට 14.8ක් දක්වා බවත් පවසන ඒ මහතා ඉන්දියාව ස්චේඡුාවෙන්ම ඉදිරිපත්ව පරිසරයට මුදාහරින කාබනික වායු සහිත දුම් අවම කිරීමට කටයුතු කරන බවද කීවේය.පරිසර ආරක්ෂාව පිළිබඳ පැරිස් ගිවිසුමට අනුව කටයුතු කරමින් වසර 2030 වන විට ගෝලීය පරිසර හානිය අවම කිරීමේ ඉලක්ක සපුරාගැනීමට කටයුතු කළ යුතුයැයිද අවධාරණය කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment