පරිසර ලේකම් උදලු ගායි

269

ජගත් පරිසර දිනට සමගාමීව මැයි 30 වැනිදා සිට ජුනි 5 වැනිදා දක්වා සතිය ‘ජාතික පරිසර සතිය’ ලෙස ප්‍රකාශයට පත්කර ඇත. ජාතික පරිසර සතියෙහි 2023 ජුනි 01 දින පරිසර පවිත්‍රතා දිනය ලෙස නම්කර ඇත.

එම දිනය මූලික කරගෙන ප්ලාස්ටික් හා පොලිතින් අවිධිමත් ආකාරයෙන් පරිසරයට බැහැර කිරීම හා මේ දිනවල රටේ පවතින ඩෙංගු වසංගත තත්ත්වය ශීඝ්‍ර ව්‍යාප්තිය ද සැලකිල්ලට ගෙන පරිසර අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත හා රොබට් ගුණවර්ධන මාවත දෙපස ඇති රාජ්‍ය ආයතන පරිශ්‍රයන් තුළ ඉවත දමන ප්ලාස්ටික් හා පොලිතින් ඉවත් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කෙරිණි. පරිසර අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ඇතුළු අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන් ඇතුළු කාර්ය මණ්ඩලය ශ්‍රමදානයට එක්වී සිටි අයුරු ඡායාරූපයෙන් දැක්වේ.

ඡායාරූපය – නිශාන් එස්. ප්‍රියන්ත

advertistmentadvertistment
advertistmentadvertistment