පරිසර ලොක්කාගේ දැවිතෙල් ජාවාරමට – ජපන් සමාගමෙන් පොල්ලක්

467

කැලණිතිස්ස සොජිස්ට් බලාගාරයේ දැවි තෙල් ජාවාරමක් සිදුකර අල්ලස් ගැනීමට මධ්‍යම පරිසර අධිකාරියේ ලොක්කෙකු සහ ඔහුගේ ගෝලයන් උත්සහ කරන බවට චෝදනා එල්ලවී ඇත.

ජපන් සමාගමක් විසින් මෙම බලාගාරයේ තාප විදුලිය නිපදවීම සිදුකරනු ලැබූ අතර එම ජපන් සමාගම සහ ලංකා විදුලිබල මණ්ඩලය අතර ගිවිසුම අවසන් වීමෙන් පසුව ජපන් සමාගම එම බලාගාරය විදුලිබල මණ්ඩලය වෙත පවරාදී තිබේ.

එහිදී ඔවුන් සතුව තිබූ දැවි තෙල් ටොන් ලක්‍ෂයක් පමණ ටෙන්ඩර් ක්‍රියාවලියක් මගින් දැවිතෙල් එකතු කරන සමාගමකට ලබාදෙන අතර මෙය දැනගත් පරිසර අධිකාරියේ ප්‍රධානියකු සහ ඔහුගේ ගෝලයන් දැවිතෙල් එකතු කරන සමාගමෙන් අල්ලස් ලබාගෙන සහ තවත් ලබා ගැනීමට උත්සාහ දරන බවද වාර්තාවේ.

කෙසේ වෙතත් ජපන් සමාගම මෙම අල්ලස් ගැනීමේ සිද්ධිය දැනගෙන මෑතකදී මෙම ක්‍රියාවලිය නතර කර ඇත. එය නතර කර ඇති බව දැනගත් පරිසර අධිකාරියේ ප්‍රධානියා ජපන් සමාගමටද බලපෑම් කරන තත්ත්වයට පත්ව ඇතැයි වාර්තාවේ.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment