පරිසර හිතකාමී නවෝත්පාදක ජනාධිපති හරිත සම්මානය ආචාර්ය මුතුමාලට

0

මධ්‍යම පරිසර අධිකාරිය සංවිධානය කළ 2024 ජනාධිපති පරිසර සම්මාන උළෙලේදී පරිසර හිතකාමී නවෝත්පාදක නිෂ්පාදන විවෘත අංශයේ සම්මානය රාජ්‍ය දැව සංස්ථාවේ පර්යේෂණ සැලසුම් අධීක්ෂණ සහ පුහුණු අංශයේ සහකාර සාමාන්‍යාධිකාරී ආචාර්ය සී. කේ. මුතුමාල මහතාට හිමිවිය. ඒ අපතේ යන දැව කැබලිවලින් නිර්මිත දොර වෙනුවෙනි. මෙය ෆින්ගර් ජොයින්ට් තාක්ෂණය තිරසාර දැව නිෂ්පාදනයක් සඳහා යොදා ගැනීමකි. ඔහුගේ ආචාර්ය උපාධියේ එක් කොටසක් ලෙස සිදුකරන ලද අධ්‍යයනයක ප්‍රතිඵලයක් ලෙස මෙම තිරසාර නිෂ්පාදනය යොමුකර තිබුණි.

advertistmentadvertistment
advertistmentadvertistment