පරිසර හිතකාමී වෙන්න ඉන්දියාවෙන් දැඩි තීරණ

146

පැරිස් කාලගුණ සම්මුතිය අනුව පරිසර හිතකාමී රටක් ගොඩනැගීමට ඉන්දියාව දැඩි තීරණයක් ගන්නා බව එරට පරිසර ඇමැති භූපේන්ද්‍ර යාදේව් මහතා පවසයි.වසර 30කට පසු ඉන්දියාවේ කාබන්ඩයොක්සයිඩ් විමෝචනය බිලියන දශම 3 කින් අඩු කිරීමට හැකි වී ඇතැයි ද සදහන් කරයි.ඒ අනුව 2019 වසරේ දී බිලියන 40.9ක්ව පැවති කාබන්ඩයොක්සයිඩ් විමෝචනය 2022 වසරේ දී බිලියන 40.6දක්වා අඩු කිරීමට හැකි වී ඇතැයි ද පවසයි.එබැවින් ඉදිරියේදී ගල් අඟුරු භාවිතා කර බලශක්ති උත්පාදනය සීමා කළ යුතු බවත් ස්වභාවික ගෑස් සහ ඉන්ධන භාවිතයට යොමු විය යුතු බවත් සදහන් කරයි. එසේ කටයුතු කිරීම මගින් ගෝලීය උණුසුම සෙල්සියස් අංශක 1.5කින් අඩු කිරීමට හැකි බව ද ඇමැතිවරයා සදහන් කරයි. එබැවින් මේ සම්බන්ධයෙන් ලොව සෑම රටක්ම අවධානය යොමු කරන ලෙසද ඉල්ලා සිටියි.

advertistmentadvertistment
advertistmentadvertistment