පරෙස්සම් නොවුණොත් දෙසැම්බර්වල තව රැල්ලක්….

174

රට විවෘත කළාට පසු ජනයාට කොවිඞ් අමතක වෙලා

රට විවෘත කිරීමත් සමග ජනතාව කොරෝනා වසංගත තත්ත්වය අමතක කරදමා හැසිරෙන තත්ත්වයක් දකිනවා. දෙසැම්බර් මාසයේ රට තුළ වසන්තය උදාකරගන්න නම් ජනතාව තම තමන්ගේ වගකීම් කොටස නිසි ලෙස ඉටු කිරීම ඉතා වැදගත් යැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ ලේකම් වෛද්‍ය කමල් ඒ පෙරේරා මහතා ‘‘දිවයින.. ට ඊයේ (08 වැනිදා) පැවැසීය.

තවදුරටත් සෑමදෙනම සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නිකුත්කර ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ නිසියාකාරව අනුගමනය කිරීම ඉතාම වැදගත් බවද ඒ මහතා කීය.

මෙහිදී තවදුරටත් කතා කළ වෛi කමල් ඒ. පෙරේරා මහතා මෙසේද කියා සිටියේය. අද සමහර අය ලැබුණු නිදහස උපරිමයෙන් ගන්න තත්ත්වයක් දකිනවා. අමතක කරන්න එපා තාමත් දවසකට 50 ක් 60 ක් කොරෝනාවලින් මැරෙනවා කියලා. ඒ වගේම දවසකට රෝගීන් 500 ක් 600 ක් තාමත් හඳුනා ගන්නවා. සෞඛ්‍ය අංශ මේ තත්ත්වය පාලනය කරගන්න උපරිම වෙහෙසක් ගත්තා. තවදුරටත් ඒ වෙහෙස ගනිමින් ඉන්නවා. මෙන්න මේ නිසා ජනතාවත් මේ වෙලාවේ වගකීම් සහගතව හැසිරීම ඉතා වැදගත්. නිවැරදිව මුව ආවරණය පැළඳගෙන ගමන් කිරීම” සමාජ දුරස්ථභාවය තබාගෙන වැඩ කටයුතුවල යෙදීම” දෑත් සබන් යොදා සේදීම කියන සෞඛ්‍ය පුරුදු නිතර අනුගමනය කිරීම තුළින් මේ කොරෝනා තත්ත්වය පාලනය කරගන්න පුළුවන්.

දැන් කොරෝනා ඉවරයි කියලා තමන්ට ඕන ඕන විදිහට සමාජයේ කටයුතු කළොත් දෙසැම්බර් මාසයේ ආයෙමත් කොරෝනා රැල්ලක් එන්න පුළුවන්.

ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment