පලස්තීන රජය ඉල්ලා අස් වෙයි

1691

පලස්තීන රාජ්‍යයේ (අධිකාරියේ) අගමැති මොහොම්මද් ෂටයියේ හා ඔහුගේ රජය පෙරේදා (26දා) සිය තනතුරුවලින් ඉල්ලා අස් වී තිබේ. සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් හිටපු පලස්තීන අගමැති ෂටයියේ පවසා ඇත්තේ තමාගේ හා තම රජයේ ඉල්ලා අස් වීම ඉකුත් සතියේ අඟහරුවාදා ජනාධිපති මහමුද් අබ්බාස් හට දැනුම් දුන් බවත් පෙරේදා එම ඉල්ලා අස්වීම ලිඛිතව භාර දුන් බවයි.

පලස්තීන රජයේ ඉල්ලා අස් වීම සිදුව ඇත්තේ ඊශ්‍රායලය යටතේ පවතින බටහිර ඉවුරේ පරිපලනය වැඩිදියුණු කිරීම සඳහා එය ප්‍රතිසංස්කරණය කරන ලෙසට ඇමරිකා එක්සත් ජනපදයෙන් දිගින් දිගටම සිදු වන බලපෑම් මධ්‍යයේය. ඇමරිකානු දේශපාලනඥයන්ට හා පලස්තීන ජාතිකයන්ට අනුව පලස්තීන අධිකාරියේ පවතිනුයේ දුෂිත පරිපාලනයකි.

advertistmentadvertistment
advertistmentadvertistment