පල්ලේගම සිරිනිවාස නාහිමි ආදාහන පූජෝත්සවය අද

197

අනුරාධපුර විජය ශ්‍රී ජය ශ්‍රී මහා බෝධිය ඇතුළු අටමස්ථානය සහ ශ්‍රී සම්බුද්ධ ශාසනයේ උන්නතිය සඳහා සුවිශාල සේවාවක් සිදු කළ රජරට යතිවර ලකුණ අපවත් වී වදාළ අනුරාධපුර අටමස්ථානාධිපති උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමිපාණන් වහන්සේගේ ශ්‍රී දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය අද (22 දා) සවස 5.00 ට මහා විහාර ආදාහන මළුවේදී සිදු කෙරේ.

මේ අනුව මහජන ගෞරවය සඳහා උන්වහන්සේගේ දේහය තැන්පත් කොට තිබෙන බෝමළුව විහාරස්ථානයේ සන්නිපාත ශාලාවේදී අද (22 දා) සවස 2.30 ට ආගමික වතාවන් සහ ගිහි පැවිදි සියලු ගුණ කථන පැවැත්වීමට නියමිත බව අනුරාධපුර වැඩබලන අටමස්ථානාධිපති රුවන්වැලිසෑ විහාරාධිපති නුවරකලාවියේ ප්‍රධාන සංඝ නායක ශාස්ත්‍රපති පූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමියෝ ‘දිවයින’ට පැවසූහ.

එහිදී සිදු කෙරෙන ආදාහන පූජෝත්සවයෙන් අනතුරුව අටමස්ථානාධිපති නාහිමිපාණන්ගේ ශ්‍රී දේහය ආදාහනය සඳහා බෝමළුව විහාරස්ථානයේ සන්නිපාත ශාලාවේ සිට රුවන්වැලිසෑ පෙත්මග ඔස්සේ රිය පෙරහැරකින් මහා විහාර ආදාහන මළුව වෙත වැඩම කිරීමට නියමිත බවත් උන්වහන්සේ කීහ.
අනුරාධපුර විශේෂ – පර්සි කුරුනේරු

advertistmentadvertistment
advertistmentadvertistment