පලෙයි ස්වභාවික තල් වනය ගිනි ගැනීමෙන් ගස් 2000ක් විනාශයට

72

කිළිනොච්චිය, පලෙයි ප්‍රදේශයේ පිහිටි ස්වභාවික තල් වනය ගිනි ගැනීමෙන් තල් ගස් 2000 ක් පමණ විනාශ වී තිබේ. මෙම තල් වනයට යාබදව පිහිටි පෞද්ගලික ගොවි පළක කම්කරුවන් පිරිසක් ගොවි පළේ කසළ වලට ගිනි තැබීම නිසා හටගත් ගින්නක් තල් වනය දෙසටද පැතිර යාම නිසා තල් වනය විනාශ වී ගොස් තිබේ.

ගින්න නිසා හානි වූ තල් ගස් දෙදහසකට වඩා වැඩි ප්‍රමාණයට අමතරව තල් බීජ හා කුඩා පැළ විශාල සංඛ්‍යාවක්ද විනාශ වී ගොස් ඇති බව තල් සංවර්ධන මණ්ඩලයේ යාපනය කාර්යාලය නිවේදනය කොට තිබේ. ගින්නෙන් වූ හානිය කෝටි තුනකට ආසන්න බවට ඔවුන් ගණන් බලා ඇති අතර වගකීමකින් තොරව තැනින් තැන පිරිස කසළ සහ කැළෑ ගිනි තැබීම නිසා වාර්ෂිකව තල් වගාවට කෝටි පහකට පමණ වඩා වැඩි හානියක් සිදු වන බවද හෙතෙම ප්‍රකාශ කොට තිබේ.
දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment