පව්කාර මහතුන්ගේ බිලී කොක්ක තොල් පොටේ පැටලිලා!

850

මහතුන් උපතින් බෞද්ධයෙකි. නමුත් ඔහු කිසිදවසක පන්සලකට ගොස් නැත. හිත පව්කාරය. කුකුල් මස්වල සිට ඌරු මස්ද එතැනින් නොවැතී කැලෑ සතුන්ද මරා මස්කර මහතුන් ඇත්තටම ගෙවන්නේ පව්කාර ජීවිතයකි.

අදත් පෝය දවසකි. ඉකුත් උ`දුවප් පෝය දවසේදීත් මහතුන් ඔයට ගියේ බිලී පිත්තද උල්පිහියද රැුගෙනයි. බිම හාරා පණුවන් සොයාගත් ඔහු බිලී කොක්කට පණුවා රිංගවූයේ පණ පිටිනි. පළමු පාප කර්මය කළ ඔහු බිලී පිත්ත අතේ තිබියදී බිලී කොක්ක දියට විසිකළේ මාළුවෙක් අල්ලා ගැනීමේ පැතුමෙනි.

පෝය දවසෙදිත් මේ පව්කාරයාට පවෙන් මිදී සිටීමට සිත් නොවූයේ ඔහු උපන් පව්කාරයෙක් වූ නිසාය.

‘‘ෂිහ් මේ පව්කාරයා අදත් මාළු බානවා. මොන අපායක යන්නද මන්දා’’ දිය නෑමට පැමිණි කුසුමාවතී කීවේ කාලකණ්ණි මිනිසා යැයි කටින් මුමුණමිනි.

බිලී පිත්ත දියේ දමා ගෙන සෑහෙන වේලාවක් සිටියද පව්කාර මහතුන්ගේ කොක්කට මාළුවෙකු කෙටුවේ නැත.

මේ අතර දියේ පාවෙමින් තිබූ බිලී කොක්ක යමක සිරවිය. මහතුන් සිතූයේ ලොකු මාළුවකු ඇම ගිල ඇතැයි කියාය. වෙර දමා පිත්ත ගස්සා උඩට ගත්තේ ගතේ වීරියෙනි. බිලී කොක්ක කැරකී විත් මහතුන්ගේ තොල් පටේ වැදුණේ එසැනිණි. තොල් අතර බිලී කොක්ක සිරවූයේ ලේ වැක්කෙරෙමිනි.

පව්කාර මහතුන් බිලී කොක්ක ගලවා ගැනීමට නොගත් උත්සාහයක් නැත. බිලී කොක්කේ අනෙක් පසට වූ කොක්ක නිසා එය ගලවාගත නොහැකිය.

‘‘කුසුමාවතියේ මෙන්න මේක ගලවපන්කො’’ මහතුන් රෙදි සෝදමින් සිටි කුසුමාවතීට කීවේ බැගෑපත් වෙමිනි.

‘‘මේ පව්කාරයෝ උඹගෙ පව් උඹ අරන් පළයන් අපිට බෑ නරකාදියට යන්න.’’ ඒ ටික කියා අවසන් කරන්නට පෙර පව්කාර මහතුන් හන්දියට දිව ගියේ ළඟ පිහිටි රෝහලට ගොස් බිලී කොක්ක ගලවා ගන්නටය.

‘‘පව්කාරයට හොඳ වැඬේ’’ කුසුමාවතී මේ සිද්ධිය ගමපුරා පතුරුවා හැරියේ පව්කාරකමක මහත ඒ යැයි කියමිනි.

පේ‍්‍රම්
 

advertistmentadvertistment
advertistmentadvertistment