පවුලක්, පරපුරක්, ගජ මිතුරන් රකින දේශපාලනයක් අපි ළග නෑ – රටේ සමස්ත ජනතාවම රැුකීම අපේ දේශපාලනයයි

107

* විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස කෑගල්ල සමගි තරුණ සමුළුවේදී කියයි

සමගි ජන බලවේගයේ දේශපාලනය පවුලක්, පරපුරක්, ඥාතීන් පිරිසක්, ගජ මිතුරන් පිරිසක් රකින දේශපාලනයක් හෝ නොවන බවත් එය මේ රටේ සමස්ත ජනතාව රකින දේශපාලන ව්‍යාපාරයක් බවත් විපක්ෂ නායක හා සමගි ජන බලවේගයේ නායක සජිත් පේ‍්‍රමදාස මහතා පැවැසීය. ඒමහතා මෙම අදහස් ප‍්‍රකාශ කර සිටියේ ඉකුත් 22දා කෑගල්ල නගර ශාලාවේදී පැවැති සමගි තරුණ බලවේගයේ කෑගල්ල සමුළුවට සහභාගි වෙමිනි.

එහිදී තවදුරටත් අදහස් දැක් වූ විපක්ෂ නායකවරයා මෙසේද පැවැසීය.

තරුණ ප‍්‍රජාව අධ්‍යාපනික, දේශපාලනික, ආර්ථික, සමාජීය, සෞඛ්‍ය, සංස්කෘතික සහ ආගමික අතින් සවි බලගැන්වීම සමගි ජන බලවේග තරුණ ප‍්‍රතිපත්තියේ අරමුණයි. තම ඉදිරි ආණ්ඩුවක් යටතේ ආණ්ඩුවට උපදෙස් දෙන උපදේශක සභාවක් තරුණයින් මූලික කොට ගෙන පිහිටුවනවා.

ගජ මිතුරු ධනවාදය උපයෝගි කරගෙන රටේ හොරකම්, වංචා සිදු කරනවා. අද ප‍්‍රමිතියෙන් තොර පොහොර, ගෑස්, සීනී, සහල් යනාදිය පමණක් නොව ආණ්ඩුවත් ප‍්‍රමිතියෙන් තොර තත්ත්වයකට පත් වෙලා. ගොවියා කාබනික පොහොර කියලා රවට්ටලා කාබනික පොහොර කියා අසූචි විදේශවලින් ගෙන්වලා. දියර පොහොර කියලා ශරීරයට අහිතකර පොහොරක් ගෙන්වලා. ඒ සමාගම්වලට ජනතාවගේ බදු මුදලින් රුපියල් ලක්ෂ 67ක් ගෙවලා තියෙනවා දනින් වැටීලා. සමගි ජන බලවේගයේ අපිට පවුල් රැුකීමට හෝ පරපුර රැුකීමට නොවෙයි මේ සියලූ දේ කරන්නේ. ලක්ෂ 220ක් වූ රටේ ජනතාව රැුකීමටයි. පොහොර වංචාව නිසා රටේ ලක්ෂ 18 ක් පමණ වී ගොවියා අසරණ වෙලා. ඒ වගේම අනෙකුත් ගොවියත් අසරණ වෙලා. ඒ යුගය අපි අවසන් කරනවා. කවුරුන් හෝ වේවා රටේ ජනතාවගේ මහජන දේපල මහජන මුදල් මංකොල්ල කා ඇත්නම් ඔවුන් කොන්දේසි විරහිතව නීතිය ඉදිරියට රැුගෙන විත් දඬුවම් පැමිණවීම සමගි ජනබලවේගයේ ඒකායන ප‍්‍රතිපත්තියයි. එම මුදල් වහාම ලබා ගෙන ජනතා සුබ සිද්ධියට යොදවනවා. තමන්ගේ බඩගෝස්තරය වෙනුවෙනුත්, තමන්ගේ සාක්කු පුරවාගැනීම වෙනුවෙනුත් ජනතාවගේ දේපළ සහ මුදල් මංකොල්ල කෑ යුගය ඒකාන්තවම අවසන් කළ යුතුයි.

රටේ අභියෝග තිබුණා කලින් කලට. රට පළමුවෙන්ම අධිරාජයින්ගෙන් මුදවා ගත්තා. දෙවනුව 30 වසරක් පැවැති යුද්ධයෙන් මුදවා ගත්තා. ඊළ`ගට මේ සාපලත් ආණ්ඩුවෙන් ජනතාව මුදවා ගත යුතුයි රටක් ලෙස අපි ඉදිරියට යෑමට. අද රටේ සියයට 25ක් තරුණයෝ. සියයට 51යි දශම 5 ක් කාන්තාවන්. කාන්තා නියෝජනයට අවස්ථාව ලැබුණා සතුටු වෙනවා. ඉදිරියේ මේ රටේ සියයට 25 ක් තාරුණ්‍යයට ලබාදීමට අවශ්‍යය නීති රීති සම්මත කරනවා. ජේ.ආර්. ජයවර්ධන, රණසිංහ පේ‍්‍රමදාස,ගාමිණී දිසානායක,ලලිත් ඇතුලත්මුදලි වැනි මහත්වරු 07 වසරක සාපලත් යුගයකින් 1977දී රට බේරාගෙන විවෘත ආර්ථිකය හරහා රටේ විප්ලවයක් ඇති කළා. එවැනි යුගයක් හැකි ඉක්මනින් රටේ ඇති කරනවා.

පාර්ලිමේන්තුවේ කොව්ඞ් පිළිබඳ අපි මුලින් කථා කළේ දුරදක්නා නුවණ නිසා. නමුත් මේ අය ගණන් ගත්තේ නෑ. ග`ගට මුට්ටි දැම්මා. පැණියක් පස්සේ ගියා. ගිහින් ජනතාව රැුවට්ටුවා. රැුවට්ටුවේ ලක්ෂ 69 පමණක් නොවෙයි මුළු මහත් රටේම ජනතාවයි. අද ආණ්ඩුව කොවිඞ් ස`දහා ගෙන එන බොහෙත් වලින් හා උපකරණවලින් ගසා කනවා. දැන් ආණ්ඩුව මැතිවරණ 2 ක් එකවර තියන්න යනවාලූ. අපිව පරද්දන්න. හො`දයි ඡුන්ද දෙකක් එකවර තියෙන කොට යන වියදම අඩුයි. නමුත් අපි ආණ්ඩුවට කියනවා ඡුන්ද දෙකක් නෙවෙයි ඊට වැඩි ගණනක් තිබ්බත් අපේ ජයග‍්‍රහණය නවත්තන්න බෑ කියලා. බලාපොරොත්තු, බොරු පොරොන්දු වෙනුවට ප‍්‍රායෝගික වැඩපිළිවෙළක් හරහා රට

ගොඩනැගීමේ අනාගත වැඩ පිළිවෙලයි. ඉතාම කෙටි කලක් තුළින් සමගි ජන බලවේගය පක්ෂය පිහිටුවා මහා මැතිවරණයට මුහුණ දීලා මන්ත‍්‍රීවරු පනස් ගණනක් පාර්ලිමේන්තුවට තේරී තියෙනවා. එය ඉතිහාස ගතවෙනවා. කොටි කලක් තුළ මැතිවරණයට මුහුණ දීලා මන්ත‍්‍රීධූර විශාල සංඛ්‍යාවක් ලබාගත් පක්ෂයක් ලෙස.

සමගි තරුණ බලවේගයේ සභාපති හා සමගි ජන බලවේගයේ මහනුවර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී මයන්ත දිසානායක මහතා

1977 න් පසුව මේරටට සේවයක් කළා නම් කළේ එක්සත් ජාතික පක්ෂයයි. මහවැලි ව්‍යාපාරය, මහපොළ ක‍්‍රමය, ගම් උදාව, විදේශ ආයෝජන ලබා ගැනීම ආදිය. මෑතකදී පාර්ලිමේන්තුවේදී මන්ත‍්‍රීවරියක් කියනවා තව වසර දෙකකින් ජනාධිපති නිල කාලය හා පාර්ලිමේන්තු කාලය කල් දාන්න කියලා. එදා මැතිනියගේ කාලේ 1974දී පනතකින් කල් දැම්මා. නමුත් 1977 න් පසුව ජනමත විචාරණයකින් තොරව කල් දාන්න බෑ කියලා සම්මත කර ගත්තා. 2015දී 19 වන සංශෝධන මගින් ජනාධිපතිවරයාගේ බලතල සීමා කළා. නමුත් 20 වන සංශෝධනය තුළින් විධායක ජනාධිපතිවරයාට එම බලතල පවරා ගත්තා. පවුල්වාදයට අද රට යනවා. අද රටේ පෝලිම් යුගයක් බිහි වෙලා. ගෑස්, කිරි පිටි තෙල් හාල් පෝලිම් ඇති වෙලා. අද මේ තත්ත්වයෙන්

මුදාගැනීම හැකි එකම නායකයා සජිත් පේ‍්‍රමදාස මහතා කියලා මම කියනවා.

මෙම අවස්ථාවට කෑගල්ල දිස්ත‍්‍රික් සමගි බලවේගයේ කණ්ඩායම් නායක හා පාර්ලිමේන්තු මන්ත‍්‍රී කබීර් හෂීම්, කෑගල්ල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී සුජිත් පෙරේරා මහතා ඇතුළු සමගි ජන බලවේගයේ කෑගල්ල දිස්ත‍්‍රික්කයේ ආසන නියෝජනය කරමින් එහි සංවිධායකවරු හා කොට්ඨාස මට්ටමෙන් තරුණ නියෝජිතයෝද සහභාගි වී සිටියහ.

වසන්ත සමරවර්ධන – බුලත්කොහුපිටිය  එම්.බී. පහලවත්ත – කෑගල්ල
 

advertistmentadvertistment
advertistmentadvertistment