පවුල් අවුලෙන් බේරුවල මවක් ඇවිලෙයි

199


බේරුවල සිව්දරු මවක් සිරුරට භූමිතෙල් හලා ගිනි තබා ගෙන ඇති අතර එම ගින්න නිවීමට ගිය සැමියාද පිළිස්සී රෝහල් ගතකර ඇති බවත් බේරුවල පොලීසිය කියයි.

මෙසේ රෝහල් ගතකර ඇත්තේ බේරුවල සමඩ් මාවතේ පදිංචි 38 සහ 34 දී ඇති අඹුසැමි යුවළක් බව පොලීසිය සඳහන් කරයි.

පවුල් ආරවුලක් හේතුවෙන් ඊයේ (24) පස්වරුවේ කතාබහක් සිදුව බිරිඳ නිවසේ ප්ලාස්ටික් කෑන් එකක තිබූ භූමිතෙල් සිරුරට හලාගෙන ගිනි තබා ගෙන ඇති බවත් අනාවරණය වී තිබේ.

දෙදෙනාම කළුතර තීක්ෂණ ශීක්ෂණ රෝහලට ඇතුළත් කර ඇති අතරල බිරිඳගේ තත්ත්වය තරමක් බරපතළ බව රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය.

advertistmentadvertistment
advertistmentadvertistment