පවුල් ආරවුලක් දුරදිග ගිහින් පිහි පහරදීමෙන් හත්හැවිරිදි දරුවාට බරපතළයි  

783

දෑත් දෙපා හා උරහිස් ඇතුළු ශරීරයේ ස්ථාන රැසක කැපුම් තුවාල

පවුලේම වැඩිහිටි ඥාතියකුගේ පිහි පහරවල්වලට ලක්ව බරපතළ තුවාල ලැබූ වයස අවුරුදු හතක දරුවකු 31 වැනිදා රාත්‍රියේ මීගහකිවුල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා බදුල්ල පළාත් මහ රෝහල වෙත ඇතුළත් කර ඇතැයි කන්දකැටිය පොලිසිය පවසයි.

මෙලෙස රෝහල් ගතකර ඇත්තේ මීගහකිවුල වෙන්දේසියාය විද්‍යාලයේ අධ්‍යාපනය ලබන වයස අවුරුදු හතක දරුවෙකි. පවුල් ආරවුලක් ගැටුමට හේතු වී ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත. නිවසට නුදුරින් පිහිටි වෙළෙඳ සැලක් වෙත ගොස් ආපසු එමින් සිටියදී දරුවා මෙම ප්‍රහාරයට ලක්ව ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත. පිහිපහරවල් එල්ල කිරීම හේතුවෙන් දරුවාගේ දෑත් දෙපා මෙන්ම උරහිස් ඇතුළු ශරීරයේ ස්ථාන රැසක් දැඩි ලෙස කැපුම් තුවාල සිදුව තිබේ. අසාධ්‍ය තත්ත්වයෙන් පසු වූ දරුවා මීගහකිවුල රෝහලට ඇතුළත් කොට මූලික ප්‍රතිකාර ලබාදීමෙන් අනතුරුව බදුල්ල පළාත් මහ රෝහල වෙත මාරු කර යවා ඇත.

පවුල් ආරවුලක් දුරදිග ගිහින් පිහි පහරදීමෙන් හත්හැවිරිදි දරුවාට බරපතළයි  

සිද්ධියට සම්බන්ධ සැකකාර පුද්ගලයා සිද්ධියෙන් පසුව ප්‍රදේශයෙන් පලා ගොස් ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා කන්දකැටිය පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇත. කන්දකැටිය පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

කන්දකැටිය – ජී. චතුරංග , බදුල්ල – සමරකෝන් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment