පවුල් ආරවුලක් දුරදිග ගොස් මස්සිනාගෙන් පහරකෑ මස්සිනා මියයයි

219

පවුල් ආරවුලක් දුරදිග යෑම හේතුවෙන් මස්සිනාගෙන් පහර කෑමට ලක්වූ මස්සිනා මඩකලපුව ශික්ෂණ රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටියදී (02 වැනිදා) මියගොස් ඇති බව පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ මඩකලපුව, නව කාත්තන්කුඩි 02 කප්පල් ආලිම් පාරේ විසු මුහම්මදු මුස්බීර් (28) නමැති පුද්ගලයෙකි.

දින කීපයකට පෙර නිවසේ පවුල් ආරවුලක් ඇතිවී ඇති අතර ජිවිතක්ෂයට පත්වූ පුද්ගලයා හා බිරි`ද අතර ඇතිවූ ආරාවුල දුරදිග ගොස් බිරි`දගේ සහෝදරයා (මස්සිනා) සමග රණ්ඩුවකට පැටලීමෙන් මස්සිනාගෙන් පහරකෑමට ලක්ව බරපතළ තුවාල ලැබූ මොහු මඩකලපුව ශික්ෂණ රෝහලට ඇතුළත් කර ප‍්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති බව පොලිස් පරීක්ෂණවලින් ආනවරණය වී ඇත.

පහරදුන් පුද්ගලයා බවට පවසන බිරි`දගේ සහෝදරයා කාත්තන්කුඩි පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. මියගිය පුද්ගලයා මත්ද්‍රව්‍යට ඇබ්බැහිවූවෙකු බවත් මේ නිසා පවුලේ ආරවුල් ඇතිවී ඇති බවට පොලිස් පරීක්ෂණවලින් තවදුරටත් සනාථ වී තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් කාත්තන්කුඩි පොලිසීය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

මඩකලපුව වාර්තාකරු ටී. එල්. ජව්ෆර්කාන්
 

advertistmentadvertistment
advertistmentadvertistment