පවුල් ආරවුලක් විසදන්න ගොස් පොලු පහරක් වැදී තිදරුමවක් මරුට

361


වටවල පොලිස් වසමට අයත්ල මවුන්ජින් තේ වතුයායේ පවුල් දෙකක් අතර ඊයේ රාත්‍රී 07.00 ට පමණ ඇතිවූ බහින්බස් වීමක් දුරදිග ගොස් ඇති වූ පහරදීමකින් කාන්තාවක් මියගොස් ඇත.
මෙසේ මිය ගොස් ඇත්තේල මවුන්ජින් වතුයායේ පදිංචිව සිටි පණස් හත් හැවිරිදි චන්ද්‍රසේකරන් කලාදේවී නැමති තිදරු මවකි.
සිද්ධිය සම්බන්ධයෙන් විසිහත් හැවිරිදි පුද්ගලයෙක් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.
මිය ගිය කාන්තාවගේ පුත්‍රයා හා අසල්වැසි නිවසියන් සමග ඊයේ රාත්‍රී ඇති වූ බහින්බස් වීමකින් පසුව හටලත් ගැටුමක් සමතයකට පත් කිරීම සඳහා මිය ගිය කාන්තාව ගොස් ඇති බවත්, එම අවස්ථාවේ සැකකරු විසින් මිය ගොස් සිටින අයගේ පුත්‍රයාට එල්ල කරන ලද පොලු පහරක් වැදීමෙන් මෙම කාන්තාව මරණයට පත්ව ඇති බවට මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇති බව වටවල පොලීසිය කියයි.

advertistmentadvertistment
advertistmentadvertistment