පවුල් ලක්ෂ 34 ක් ජීවත් වෙන්න සහනාධාර යදිති

74

දකුණේ ජනතාවගෙන් සියයට 60 ක් ආධාර බලාපොරොත්තු වෙනවා – මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය

පවතින ආර්ථික තත්ත්වය හමුවේ මෙරට පවුල් තිස්හතර ලක්ෂ හතළිස් එක්දහස් තිස් එකක් ජීවත්වීම සඳහා සහනාධාර ඉල්ලා අයදුම්පත්‍ර එවා ඇතැයි මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (15දා) පැවසීය.

එය සමස්ත පවුල් ලක්ෂ පනස්අටක ප්‍රමාණයෙන් සියයට 60ක් බව කී ඇමැතිවරයා, දකුණු පළාතේද පවුල් හාරලක්ෂ විසිහත් දහසක් එලෙස ජීවනාධාර ඉල්ලා ඇතැයි සඳහන් කළේය. එම අයදුම්පත් ලබන ජනවාරිය වන විට සලකා බලා සුදුස්සන් තෝරා සහනාධාර දීම අප්‍රේල් වන විට ආරම්භ කරන බවද ඇමැතිවරයා කියා සිටියේය.

“රජයේ ආධාර බලාපොරොත්තු වෙනවා නම් ඉල්ලුම් පත්‍රයක් පුරවා දෙන්න කියා පසුගිය මාසයේ විසි වැනිදා වන විට අප ජනතාවට නීත්‍යනුකූලවම ආරාධනා කර තිබුණා. දකුණු පළාතෙන් විතරක් පවුල් හාරලක්ෂ විසිහත් දහසක් ආධාර ඉල්ලා තිබෙනවා. දකුණේ ජනතාවගෙන් සියයට 60ක් ආධාර බලාපොරොත්තු වෙනවා. සමස්ත රටක් ලෙස බැලුවොත් තිස් හතර ලක්ෂ හතළිස් එක්දහස් තිස්එකක් ආධාර ඉල්ලනවා. සමස්ත රටේ ජනතාවගෙන් සියයට 60ක් ආධාර ඉල්ලනවා.

ලබන අප්‍රේල් වන විට සුදුස්සන් තෝරලා ආධාර දෙනවා. අපි වෙනත් සහනාධාර සඳහා බිලියන 852ක් මේ වන විටත් ලබා දෙනවා. සෞඛ්‍ය සහ අධ්‍යාපනයට වියදම් කරන මුදල් නැතුව. සමස්ත රාජ්‍ය වියදමෙන් සියයට 10.8ක් සහනාධාර සඳහා වියදම් කරනවා” යැයි ද මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා වැඩිදුරටත් පැවසීය.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment