පවුලේ ගැටුම් අඩුකරන බිරිඳකගේ ස්ත‍්‍රී ලක්‍ෂණ

1034

විවාහය තුළ බොහෝ අඬදබර වලට බලපාන ප‍්‍රධාන හේතු අතර මෙම දරුඵල පමාව බලපා ඇති බව පවුල් ආරවුල් ඇති අඹු සැමියන් සම`ග කරනු ලබන සංවාදවලදී හඳුනාගෙන ඇත

 වර්තමානයේ විවාහක පවුල්හි ඇතිවන ආරවුල් දෙස විමසා බැලූ විට පෙනෙන්නේ බිරිඳ තුළ මෙම ස්ත‍්‍රී ගති ලක්‍ෂණවල අසම්පූර්ණ බව යැයි හෙළිවේ

 අයුග දිවියේදී අඹු සැමියන් අතර ගැටුම් ඇතිවීමේදී බොහෝ විට බලපාන්නේ බිරිඳ ගැහැණියක ලෙස නොසිටීම ලෙස බොහෝ සැමියන් නගන චෝදනාවකි’ පිරිමියෙකු ගැහැණිය තුළින් බලාපොරොත්තුවන්නේ ලද බොළඳ බව නොව මහත්මියක මෙන් හැසිරෙන තරුණියක මෙන් පෙනුමින් යුක්තවීම බව මෙසේ චෝදනා නගන සැමියාන් පවසයි’

 වෛද්‍යතුමනි” බිරිඳක තුළ තිබිය යුතු ගති ලක්‍ෂණ මොනවාද?

 මහාසෘෂි නාඩි වෛද්‍යවරුන් හොඳ බිරිඳක් තුළ තිබිය යුතු ගතිලක්‍ෂණ රැුසක් සඳහන් කර ඇත’ ඇය සිරුරේ අ`ග පස`ගවලින් පමණක් ස්ත‍්‍රියකගේ ගති ලක්‍ෂණ පැවතීම හොඳ බිරිඳක් වීමට ප‍්‍රමාණවත් නැතැයි පවසා තිබේ’

 ඇය තුළ ඉවසීම” මෘදු බව වැනි ගතිගුණද ඉවුම් පිහුම්” මැහුම් ගෙතුම්” පිළිබඳ ද දැනුමක් ලබා තිබිය යුතු යැයි සඳහන් කර ඇත’ එය ස්ත‍්‍රියකට තිබිය යුතු සුවිශේෂී ගුණාංග බවද පවසා ඇත’ වර්තමානයේ විවාහක පවුල්හි ඇතිවන ආරවුල් දෙස විමසා බැලූ විට පෙනෙන්නේ බිරිඳ තුළ මෙම ස්ත‍්‍රී ගති ලක්‍ෂණවල අසම්පූර්ණ බව යැයි හෙළිවේ’

 ස්ත‍්‍රියක් වයස අවුරුදු 15 වන විට මල්වරවී දරුවන් බිහිකිරීමට අවශ්‍ය කායික සුදුසුකම් සපුරා ගනී’ නමුත් ඇයට ඒ සඳහා නිසි කාලය උදාවන්නේ වයස අවුරුදු 20 න් පසු බව මහා සෘෂි නාඩි වෛද්‍යවරු පවසා ඇත’ මෙම කාලය තුළ ඇයගේ මනස වර්ධනය වී අවසන් වී තිබේ’ එනිසා ඇයට ජීවිතය ගැන යම් අවබෝධයක් පවතී’ ඇය තුළ ළමාගති ඉවත්ව තරුණ සිතුවිලි පහළ වේ’ ඒ අනුව ඇය ඒ සඳහා මානසිකවද සුදුසුකම් සපුරාගෙන සිටියි’

 නිරෝගී දරුවන් බිහිකරන්නට හැකියාව ඇති ස්තී‍්‍රන්ගේ කායික රූප සොභාව ගැන මහා සෘෂි නාඩි වෛද්‍යවරු පවසා ඇත්තේ පුන් පියයුරු” දිගු වරලස” පුළුල් උකුළ” පැහැපත් සම” දීප්තිමත් දෙනෙත් වලින් ඇය අංග සම්පූර්ණ බවය’ මෙම අංග ලක්‍ෂණවලින් පරිපූර්ණ ස්ති‍්‍රයට සරු දරුඵල පවතින බවද පවසා ඇත’ එසේම රසට” ගුණට ආහාර පිසින්නට හැකියාව ඇත්නම් සැමියාගේ රස නහර පිනවිය හැකි අත්ගුණය ස්ත‍්‍රියට පවතී’ එවැනි බිරිඳකට සැමියා තුළ කුමන අඩුපාඩු පැවතියද ඒවා පාලනය කරගත හැකි බව මහා සෘෂි නාඩි වෛද්‍යවරු සඳහන් කර තිබේ’

 එසේම නිසි රූ සපුවෙන් යුත් ස්ත‍්‍රිය ඒවා හොඳින් පවත්වාගැනීමට නිතර වෙහෙසිය යුතුය’

 නිසි ලෙස සිරුර පවිත‍්‍රව

 තබාගැනීමට පියවර ගත හැකිය’ මනස නිරවුල්ව පවත්වා ගැනීමෙන් සිරුරේ ස්ත‍්‍රී හෝමෝන නිසිලෙස ක‍්‍රියාත්මක වේ’ එවිට නිරායාසයෙන්ම හිසකෙස් දිගව දීප්තිමත්ව වර්ධන වේ’ සම පැහැපත් වේ’ ඒ සඳහා බාහිරින් ආලේපන ගල්වා වෙහෙසවිය යුතු නැත’ ස්ත‍්‍රිය නිරතම තම මවට දක්වන සෙනෙහස සැමියාගේ මවටද දැක්විය යුතුය’

 මන්දයත් තමාට විවාහවීම සඳහා සැමියෙක් ලැබුණේ එම මව පුතකු බිහිකළ නිසා බව සිහිතබා ගත යුතුය’ දරුවකු බිහිකිරීම සඳහා දස මසක් වෙහෙසවන ස්ත‍්‍රියකට ඉවසීම ගැබිණියක් වූදා පටන්ම නිතැතින්ම වර්ධනය වේ’ ඒ නිසා විවාහ වූ විට දරු සම්පත් පමා නොකළ යුතුය’ විවාහය තුළ බොහෝ අඬදබර වලට බලපාන ප‍්‍රධාන හේතු අතර මෙම දරුඵල පමාව බලපා ඇති බව පවුල් ආරවුල් ඇති අඹු සැමියන් සම`ග කරනු ලබන සංවාදවලදී හඳුනාගෙන ඇත’ එනිසා බිරිඳක් නිතර සැබෑ ස්ත‍්‍රියක් ලෙසින් දිවිගෙවන්නට හුරුවිය යුතුය’

පවුලේ ගැටුම් අඩුකරන බිරිඳකගේ ස්ත‍්‍රී ලක්‍ෂණ

advertistmentadvertistment
advertistmentadvertistment