පවෙල්ගේ බලයෙන් කොදෙව්වන්ට ජය

236

රොව්මන් පවෙල් පන්දු 28 ක් තුළ හයේ පහර 6 ක් සහ හතරේ පහර දෙකක් සමගින් නොදැවී ලබාගත් ලකුණු 61 ක දක්‍ෂතාවයට යට වූ බංග්ලාදේශයට දෙරට අතර පැවති දෙවැනි පන්දු වාර 20 – 20 ක්‍රිකට් තරගයෙන් ලකුණ් 35 ක පරාජයක් උරුම විය.

 තරගයේ පළමුව පන්දුවට පහර දුන් සත්කාරක කොදෙව් කණ්ඩායම කඩුලු 5 ක් දැවී ලකුණු 193 ක් ලබාගත් අතර බංග්ලාදේශ් කණ්ඩායමට සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 158 ක් පමණි.

 සයිබ් අල් හසන් අංක 3 පිතිකරු ලෙස පිටියට පැමිණ ජයග්‍රහණය හඹායෑමට උත්සාහ කළ ද සෙසු පිතිකරුවන්ගෙන් නිසි සහායක් නොලැබීම හේතුවෙන් තරගය නිමා වනවිට සකීබ් නොදැවී ලකුණු 68 ක් ලබාගෙන සිටියේය.

 තරගයේ වීරයා ලෙස රොව්මන් පවෙල් සම්මාන ලැබීය.

 ලකුණු සාරාංශය

 බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම 193/5

 රොව්මන් පවෙල් නොදැවී 61, බ්‍රැන්ඩන් කින්ග් 57, නිකොලස් පුරන් 34

 බංග්ලාදේශ කණ්ඩායම

 සකීඩ් අල් හසන් නොදැවී 68, අෆිෆ් හුසේන් 34,

advertistmentadvertistment
advertistmentadvertistment