පවෙල් කොදෙව් කණ්ඩායම දිනවයි

220

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ එංගලන්තය අතර එංගලන්තයේ බි‍්‍රජ් ටවුන් හි පෙරේදා (26 දා) පැවති තුන්වැනි පන්දුවාර 20 -20 ක‍්‍රිකට් තරගයෙන් ලකුණු 20ක ජයග‍්‍රහණයක් ලබා ගැනීමට සංචාරක කොදෙව් කණ්ඩායම සමත් විය.

තරගයේ පළමුවැනි පන්දුවට පහර දුන් කොදෙව් කණ්ඩායම වෙනුවෙන් රොව්මන් පවෙල් පන්දු 53ක දී ලකුණු 107ක් ලබා ගත් අතර ඒ සඳහා හයේ පහර 10ක් සහ හතරේ පහර 4ක් එල්ල කිරීමට පවෙල් සමත් විය. නිකොලස් පූරන් ලකුණු 70ක් ලබා ගත් අතර පිළිතුරු ඉනිම ක‍්‍රීඩා කළ එංගලන්තය වෙනුවෙන් වැඩිම ලකුණුලාභියා වූ ටොම් බැන්ටන් රැස් කළ ලකුණු ගණන 73කි. දෙරට අතර තරග 5කින් යුත් තරගාවලියේ මේ වන විට 2 -1ක් ලෙස පෙරමුණ ගැනීමට කොදෙව් කණ්ඩායම සමත් වී ඇත.

ලකුණු සාරාංශය
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම 224/5
එංගලන්තය 204/9

advertistmentadvertistment
advertistmentadvertistment