පශු වෛද්‍යවරිය වෙනුවට සැමියා වෙදකම් කිරීමෙන් බල්ලා මැරුණා

2041

සුනඛයාගේ අයිතිකරුගෙන් පොලිසියට පැමිණිලි

වේයන්ගොඩ, පත්තලගෙදර ප්‍රදේශයේ පවත්වාගෙන යන පශු වෛද්‍ය මධ්‍යස්ථානයක පශු වෛද්‍යවරිය වෙනුවට ඇගේ සැමියා සුනඛයකුට ප්‍රතිකාර කිරීම හේතුවෙන් එම සුනඛයා මියයෑමේ පුවතක් වේයන්ගොඩ පොලිසියෙන් වාර්තා වේ.

අදාළ වෛද්‍ය මධ්‍යස්ථානයේ පශු වෛද්‍යවරිය මේ දිනවල දරු ප්‍රසූතියෙන් පසු නිවසට වී සිටින බැවින් එම වෛද්‍ය වරියගේ ස්වාමිපුරුෂයා විසින් සතුන්ට ප්‍රතිකාර සිදු කරන බවත්, එම පශු වෛද්‍ය’ මධ්‍යස්ථානයෙන් ප්‍රතිකාර ලබා ගැනීමෙන් පසු තම සුනඛයා මියගිය බවත් පවසමින් පශු වෛද්‍යවරියට එරෙහිව වේයන්ගොඩ පදිංචිකරුවකු විසින් මෙසේ පොලිසියට පැමිණිලි කර ඇති බව පොලිසිය කියයි.

තම නිවසේ හදා වඩාගත් සුනඛයාට ඇති වූ අසනීප තත්ත්වයක් හේතුවෙන් අදාළ පශු වෛද්‍ය මධ්‍යස්ථානයෙන් දින හතරක් සුනඛයාට ප්‍රතිකාර කළ බවත්, පසුව ඉකුත් 13 වැනිදා සුනඛයා මියයෑමෙන් පසුව සොයා බැලීමේදී සුනඛයාගේ අයිතිකරුට

දැනගන්නට ලැබී ඇත්තේ අදාළ වෛද්‍ය මධ්‍යස්ථානයේ පශු වෛද්‍යවරියක් සිටින නමුත් ඇය වෙනුවට වෛද්‍යවරයකු නොවන ඇගේ සැමියා මෙලෙස’ ප්‍රතිකාර කර ඇති බවත්ය.

මියගිය සුනඛයා රුපියල් ලක්ෂ එකහමාරක් පමණ වටිනා ජර්මන් ෂෙපඩ් වර්ගයේ සුනඛයෙකු බව පැමිණිලිකරු සඳහන් කරයි.

වේයන්ගොඩ පොලිස් ස්ථානාධිපති ප්‍ර.පො.ප. චන්න වෑත්තෑව මහතාගේ උපදෙස් මත පො.ප. මහින්ද මහතා ඇතුළු නිලධාරීහු පිරිසක් සිද්ධිය සම්බන්ධව වැඩිදුර විමර්ශන පවත්වති.

වේයන්ගොඩ – ඉන්දික තුෂාර, සිරිමෙවන් පතිරණ

advertistmentadvertistment
advertistmentadvertistment