පස්වැනි වරටත් යොවුන්  ලෝක කුසලානය ඉන්දියාවට

271

2022 වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට ඉන්දීය යොවුන් කණ්ඩායම සමත්විය. එ් පෙරේදා (05 වැනිදා) රාති‍්‍රයේදී පැවැති අවසන් මහා තරගයේදී එංගලන්ත යොවුන් කණ්ඩායම කඩුලූ 4කින් පරාජයට පත් කරමිනි.

 බටහිර ඉන්දීය කොදෙව් ¥පත් හිදී පැවැති 2022 යොවුන් ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලිය මෙවර ජය ගැනීමත් සමගින් ඉන්දීය කණ්ඩායම යොවුන් ලෝක කුසලානයක් දිනූ පස්වැනි

 අවස්ථාව ලෙස එය සටහන් කිරීමට සමත්විය. එ් අනුව ඔවුන් මීට පෙර 2000, 2008, 2012 සහ 2018 වසර වල යොවුන් ලෝක කුසලාන ශූරතාව දිනා ගැනීමට සමත්වී තිබේ.

 ඇන්ටිගා හී ශී‍්‍රමත් විවියන් රිචර්ඞ්ස් කී‍්‍රඩාංගණයේදී පැවැති අවසන් මහා තරගයේදී පළමුවෙන් පන්දුවට පහර දුන් එංගලන්ත කණ්ඩායම පන්දු වාර 44.5කදී මුළු ලකුණු 189කට සියලූ දෙනා දැවී ගියේය. එ් අනුව ජයග‍්‍රාහි ඉලක්කය හඹා ගිය ඉන්දීය යොවුන් කී‍්‍රඩකයෝ එම ඉලක්කය පන්දු වාර 47.4 කදී කඩුලූ 6ක් පමණක් දැවී සම්පූර්ණ කර ගත්හ.

 ජයග‍්‍රහණය සඳහා පන්දු 15ක් තුළ ලකුණු 7ක් ලබා ගැනීමට තිබියදී පිට පිටම පන්දු දෙකකදී හයේ පහර දෙකක් එල්ල කරමින් අවසන් මහා තරගයේ ජයග‍්‍රහණය සටහන් කිරීමට දිනේෂ් බනා සමත්විය. නිසාන්ත් සින්¥ පන්දු 54ක් තුළදී නොදැවී ලකුණු 50ක් සහ ෂයික් රෂීඞ් අර්ධ ශතකයක් වාර්තා කරමින් ඉන්දීය කණ්ඩායමේ ජයග‍්‍රාහී මාවත විවර කළේය.

 එංගලන්තය වෙනුවෙන් හුදෙකලා ඉනිමක් කී‍්‍රඩා කළ ජේම්ස් රේව් පන්දු 116කදී ලකුණු 95ක් ලබා ගැනීමට සමත්විය. හතරේ පහර 12ක් ද ඊට ඇතුළත් විය. එ් හැරුණුකොට ජේම්ස් සේල්ස් නොදැවී ලකුණු 34ක් සහ ජෝර්ජ් තෝමස් ලකුණු 27ක් රැුස් කළේය.

 රාජ් බාවා එංගලන්ත ඉනිමේ ලකුණු 31කට කඩුලූ 5ක් සහ රවී කුමාර් ලකුණු 34කට කඩුලූ 4ක් බිඳ දැමීය.

 මේ අතර ශූරතාවය දිනූ ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් එරට කි‍්‍රකට් ආයතනය විසින් ලබා දීමට නියමිත ත්‍යාග මුදල ඊයේ (06 වැනිදා) ප‍්‍රකාශයට පත්කර තිබිණි. එ් අනුව ශූරතාවය දිනූ කණ්ඩායමේ කී‍්‍රඩකයකුට ඉන්දීය රුපියල් ලක්ෂ 40ක මූල්‍ය ත්‍යාගයක් ඉන්දීය කි‍්‍රකට් ආයතනය මගින් ලබා දීමට නියමිතව තිබේ. මීට අමතරව සහාය කාර්ය මණ්ඩලයේ සාමාජිකයකුට ඉන්දීය රුපියල් ලක්ෂ 25ක මුදලක් පිරිනැමීමට නියමිත බවද ඔවුන් එහිදී වැඩිදුරටත් ප‍්‍රකාශ කර සිටී.

 ලකුණු සාරාංශය

 එංගලන්තය පන්දු වාර 44.5කදී සියලූ දෙනා දැවී ලකුණු 189යි (ජේම්ස් රේව් 95, ජේම්ස් සේල්ස් (නොදැවී) 34, ජෝර්ජ් තෝමස් 27, රාජ් බාවා 31/5, රවී කුමාර 34/4)

 ඉන්දියාව පන්දු වාර 47.4කදී කඩුලූ 6ක් දැවී ලකුණු 195යි (ෂයික් රෂීඞ් 50, නිසාන්ත් සින්¥ (නොදැවී) 50, රාජ් බාවා 35, හර්නූර් සිං 21, ජෝසුවා බයිඩන් 24/2, ජේම්ස් සේල්ස් 51/2, තෝමස් අස්පින්වල් 42/2)

advertistmentadvertistment
advertistmentadvertistment