පස්වැනි වරටත්  ශ්‍රී ලංකාවේ සිහින බොඳ කළ ඉන්දීය කාන්තාවෝ  හත්වැනි වරටත්  ආසියානු ක්‍රිකට්  ශූරතාව දිනති

143

තරගාවලියකදී වසර 14කට පසු අවසන් මහා තරගයක් ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට පස්වැනි වරටත් ආසියානු ක්‍රිකට් ශූරතාව අහිමි කළ ඉන්දීය කණ්ඩායම හත් වැනි වරටත් ආසියානු ක්‍රිකට් ශූරියෝ බවට පත්වන්නට පෙරේදා (15 වැනිදා) සමත් වූහ. ඒ 2022 අසියානු කුසලාන කාන්තා ක්‍රිකට්  තරගාවලියේ අවසන් මහා තරගයේදී ශ්‍රී ලංකාවට එරෙහිව කඩුලු 8ක පහසු ජයක් වාර්තා කරමිනි.

 තීරණාත්මක අවසන් මහා තරගයේදී බංග්ලාදේශ සිල්හෙට් තණතීරුවේදී කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායිකා පළමුවෙන් පිති ප්‍රහාරයේ යෙදීමට තීරණය කළාය. ඒ අනුව ඉනිම ආරම්භ කළ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු වාර 20දී කඩුලු 9කට මුළු ලකුණු 65කට සීමා කිරීමට ඉන්දීය පන්දු යවන්නියෝ සමත්වූහ. අනතුරුව ජයග්‍රහණය හඹා ගිය ප්‍රබල ඉන්දීය කණ්ඩායම එම ඉලක්කය පන්දු වාර 8යි පන්දු 3කදී පසුකර ගියේ කඩුලු 2ක් පමණක් ශ්‍රී ලංකා පන්දු යවන්නියන්ට ලබා දෙමිනි.

පස්වැනි වරටත්  ශ්‍රී ලංකාවේ සිහින බොඳ කළ ඉන්දීය කාන්තාවෝ  හත්වැනි වරටත්  ආසියානු ක්‍රිකට්  ශූරතාව දිනති

2004 වසරේදී ආරම්භ වූ කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාව 2004, 2005, 2006, 2008, 2012 සහ 2016 දක්වා පිට පිටම 6 වතාවක් දිනා  ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත්විය. 2018 වසරේදී පාකිස්තානය හමුවේ අනුශූරියන් වූ ඉන්දියාව මෙම වසරේදී යළිත් වරක් ආසියානු ශූරියෝ බවට පත්වූයේ හත්වැනි වරටය.

 2014 වසරේ සිට පිට පිටම හතර වතාවක් අවසන් මහා තරගයට සුදුසුකම් ලැබූ ශ්‍රී ලංකාවට එම සෑම අවස්ථාවකදීම අනුශූරතාවෙන් සැනසීමට සිදුවූයේ මෙවර  5 වැනි වතාවටත් ආසියානු අනුශූරියෝ බවට පත්වෙමිනි.

 ශ්‍රී ලංකා ඉනිමේ පවර් ප්ලේ අවස්ථාව නිමාවන විටදී මුළු ලකුණු 16ක් පමණක් ලබා දී ශ්‍රී ලංකා පළමු කඩුලු 5ම නැවත

 ක්‍රීඩාගාරයට හරවා යැවීමට ඉන්දීය පන්දු යවන්නියෝ සමත්වූහ. නොතිබූ ලකුණක් සොයා ගිය චමරි අතපත්තු ලකුණු 6කට දුවද්දී දැවීයෑමකට හසුව පිටියෙන් ඉවත් වෙද්දී තරගාවලිය පුරා ශ්‍රී ලංකා ඉනිම ශක්තිමත් කළ හර්ෂිතා මාධවී එක් ලකුණකට දැවී

 ගියාය. ළඟ ළඟ කඩුලු දෙකක් බිඳ වැටීමෙන් අනතුරුව පීඩනයට හසු වූ අනුෂ්කා සංජීවනී දුවද්දී දැවී යෑමකට හසුව එක් ලකුණකට පිටියෙන් ඉවත් වූයේ මුළු ලකුණු 9දී තෙවැනි කඩුල්ල ශ්‍රී ලංකාවට අහිමි කරමිනි.

 හෂිනි පෙරේරා ලකුණු නොලබා පිටියෙන් ඉවත් වූයේ රේණුකා සිං යොමු කළ පන්දුවකට ස්මි්‍රතා මන්ධනා අතට උඩ පන්දුවක් ලබා දෙමිනි.

 රේණුකා සිං, රාජේස්වරී ගයික්වඩ් සහ ස්නේහ රනාගේ පන්දු හමුවේ ශ්‍රී ලංකා පිතිකාරනියන් පිට පිටම  ක්‍රීඩාගාරයට නැවතත් හැරී යද්දී  ගරා වැටුණු ශ්‍රී ලංකා ඉනිමට පන්දු 22කට මුහුණ දී ලකුණු 18ක් එක් කිරීමට ඉනෝකා රණවීර සමත්වූවාය.

 ජයග්‍රහණය පහසුවෙන්ම හඹා යෑමට පිටියට පැමිණී ඉන්දීය කණ්ඩායමේ පළමු කඩුල්ලට ලකුණු 32ක් එක් කිරීමට ස්මි්‍රති මන්ධනා සහ සෆාලි වර්මා සමත් වූවාය. අනතුරුව මුළු ලකුණු 35දී දෙවැනි කඩුල්ල ලෙසින් ජෙමිමා

 රොද්‍රිගෝස් දැවී ගියේය. ජයග්‍රාහී ලකුණු 65 හඹා යෑම තනියම කරට ගත් ස්මි්‍රති මන්ධනා ඉන් ලකුණු 51ක් පන්දු 25කදී රැස්කර ගත්තාය. ඊට හයේ පහර 3ක් සහ හතරේ පහර 6ක් ඇතුළත් විය.

ලකුණු සාරාංශය
 

 ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පන්දු වාර 20දී කඩුලු 9ක් දැවී ලකුණු 65යි (ඉනෝකා රණවීර 18, ඕෂදී රණසිංහ 13, රේණුකා සිං 5/3, රාජේස්වරී ගයික්වඩ් 16/2, ස්නේහා රනා 13/2)

 ඉන්දීය කාන්තා කණ්ඩායම පන්දු වාර 8.3කදී කඩුලු 2ක් දැවී ලකුණු 71යි. (ස්මි්‍රති මන්ධනා (නොදැවී) 51, ඉනෝකා රණවීර 17/1, කවීෂා දිල්හාරි 17/1)

advertistmentadvertistment
advertistmentadvertistment