පස්වැනි ස්ථානය වෙනුවෙන් ශ‍්‍රී ලංකාව සහ පාකිස්තානය අද සටනේ – යොවුන් ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලිය

258

2022 යොවුන් ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ 05 වෙනි ස්ථානය දිනා ගැනීම පිණිස ශී‍්‍ර ලංකාව සහ පකිස්තානය බටහිර ඉන්දීය කොදෙව්හි නෝර්ත් සවුන්ඞ්හිදී අද (3 දා) තරග වැදීමට නියමිතය.

 ශී‍්‍ර ලංකාව සහ පකිස්තානය අර්ධ අවසන් පූර්ව තරගවලදී පිළිවෙළින් ඇෆ්ගනිස්ථානය සහ ඔස්ටේ‍්‍රලියාව හමුවේ පරාජයට පත්වූ අතර අනතුරුව පැවැති තරගවලදී ජයග‍්‍රහණය ලැබීමට සමත් වූයේය. ඒ අනුව ශී‍්‍ර ලංකාව දකුණු අපි‍්‍රකාව පරාජය කරමින්ද, පකිස්තානය බංග්ලාදේශය පරාජය කරමින්ද 5 වැනි ස්ථානය වෙනුවෙන් පැවැත්වීමට නියමිත තරගය සඳහා සුදුසුකම් ලැබුවේය.

 ශී‍්‍ර ලංකාව සහ දකුණු අපි‍්‍රකාව අතර පැවැති අදාළ තරගයේදී ලකුණු 232 ක් ලබාගත් ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයෝ දකුණු අපි‍්‍රකාව ලකුණු 167 කට සීමා කිරීමට සමත් වූහ.

 පකිස්තානය කඩුලූ 6 කින් බංග්ලාදේශය පරාජය කරමින් 5 වෙනි ස්ථානයේ තරගය සඳහා සුදුසුකම් ලැබූ අතර ශී‍්‍ර ලංකා යොවුන් කණ්ඩායමත් පකිස්තාන යොවුන් කණ්ඩායමත් මීට මාසයකට පමණ ඉහතදී ආසියානු යොවුන් කුසලාන තරගාවලියේ අවසන් පූර්ව තරගයේදී ද තරග වැදුනි.

 එහිදී පකිස්තනය පරාජය කරමින් ශී‍්‍ර ලංකාව අවසන් මහා තරගයට සුදුසුකම් ලැබූ අතර ශී‍්‍ර ලංකාව එම තරගයේදී රැුස් කළ ලකුණු 147 ට පිළිතුරු ලෙස පකිස්තානයට ලබාගත හැකි වූයේ ලකුණු 125 ක් පමණි.

 එම තරගයේ වීරයා වූ ටෙ‍්‍රවීන් මැතිව් ලකුණු 14 කට කඩුලූ 4 ක් දවාගත් අතර ලකුණු 31 කට කඩුලූ 3 ක් දවා ගැනීමට නායක දුනිත් වෙල්ලාලගේ සමත් වූයේය.

 මෙවර ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ වැඩිම කඩුලූ ලාභියා වන ශී‍්‍ර ලංකා කණ්ඩායමේ නායක දුනිත් වෙල්ලාලගේ ගේ දක්‍ෂතා පිළිබඳව පකිස්තානය අද විශේෂ සැලකිල්ලක් දක්වනු ඇති අතර පිතිහරඹයෙන්ද දුනිත් මෙවර තරගාවලියේදී මේ වනවිට ශතකයක් සහ අර්ධ ශතක දෙකක් ලබාගෙන ඇත. තරගාවලියේ මෙතෙක් පැවති තරග 5 දී කඩුලූ 17 ක් දවාගෙන ඇති දුනිත් එහිදී කඩුලූ 5 බැගින් දවාගත් අවස්ථා 2 ක් වාර්තා කර ගෙන තිබේ.

 යොවුන් කි‍්‍රකට් තරග අතරින් තරග 10 කදී ලකුණු 205 ක් ලබා ගැනීමට සදීෂ රාජපක්‍ෂ සමත්වී සිටින අතර දුනිත් තරග 9 කදී ලකුණු 250 ක් සමස්තයක් ලෙස ලබා ඇත. පකිස්තාන කණ්ඩායමේ හසිබුල්ලා ඛාන් තරග 8 කදී රැස්කර ගෙන ඇති ලකුණු සංඛ්‍යාව 258 කි. ටෙ‍්‍රවීන් මැතිව් තරග 7 කදී කඩුලූ 12 ක් ලබා ගෙන තිබේ.

 2022 යොවුන් ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ ශී‍්‍ර ලංකාව සහභාගී වන අවසන් තරගය මෙම තරගය වේ.

advertistmentadvertistment
advertistmentadvertistment