පස් කන්දක් නිවස මතට කඩා වැටේ… තෙහැවිරිදි දැරිය අනූනවයෙන් බේරෙයි

223

නාවලපිටිය ප‍්‍රදේශයට ඊයේ (12* දින උදෑසන ඇදහැලූනු ධාරානිපාත වර්ෂාවත් සමග නාවලපිටිය ඩෙයිලි පාරේ නිවසක් මතට පස් කන්දක් කඩා වැටීමෙන් එම නිවසේ නිදා සිටි තෙහැවිරිදි දැරියක් තුවාල ලබා ඇති බව නාවලපිටිය පොලිසිය පැවසීය.

 එදින පැවති වර්ෂාවත් සමග නිවසට පිටුපසින් තිබු පස් කන්ද එක්වරම තම නිවසට කඩා වැටුනු බවත් එම අවස්ථාවේ පස් කන්දට යට වී සිටි දැරිය අසල්වාසීන් විසින් මුදාගෙන ඇය නාවලපිටිය දිස්ත‍්‍රික් මහ රෝහල වෙත ඇතුළත් කිරිමට පියවර ගෙන ඇති බව නාවලපිටිය පොලිසිය පැවසීය.

 පස් කන්ද කඩා වැටීමෙන් එම නිවසටද දැඩි අලාභ හානි සිදු වී ඇති අතර එම නිවසේ පදිංචිකරුවන් තාවකාලිකව ඔවුන්ගේ ඥාති නිවසක නතර කිරීමට පියවර ගත් බවද නාවලපිටිය පොලිසිය පැවසීය.

නුවරඑළිය – නාලක රත්නායක

advertistmentadvertistment
advertistmentadvertistment