පස් – බොරලු – වැලි මාරයෝ කරච්චි වනසති…. අක්කර 250 ක් දැනටමත් විනාශයි

843

කිළිනොච්චිය පළාතේ නීති විරෝධී ලෙස වැලි බොරලූ හා පස් කපන පිරිසට එරෙහිව නිලධාරීන් නීති මගින් කටයුතු කිරීමට සාකච්ඡුා පවත්වන අතරවාරයේ ජාවාරම්කරුවන් මේ වන විට කරච්චි ප‍්‍රදේශයේ අක්කර 250 ක් පමණ විනාශ කොට ඇති බව ප‍්‍රදේශවාසීහු කියා සිටිති.

පස් - බොරලු - වැලි මාරයෝ කරච්චි වනසති.... අක්කර 250 ක් දැනටමත් විනාශයි

ගත වූ මාස දෙක ඇතුළත ජාවාරම්කරුවන් කිළිනොච්චියේ වැසියන්ට අයත් බලපත‍්‍ර සහිත ඉඩම්වලින් පස් බොරලූ හා වැලි කපමින් එම ඉඩම් විනාශ කරණු ලැබුවත් නිලධාරීන් ඔවුන්ගේ එම ක‍්‍රියාවන් මැඬ පැවැත්වීමට ගන්නා උත්සාහයන් ඉතා අවම මට්ටමක පවතින බව කිළිනොච්චියේ වැසියෝ කියා සිටිති.

 ඔවුන් මේ අවස්ථාවේදී ඉල්ලා සිටින්නේ වහාම මේ ක‍්‍රියාව නතර කොට කිළිනොච්චියේ වැසියන්ගේ ඉඩම් හා පරිසරය ආරක්ෂා කොට දෙන ලෙසයි.

දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment