පස් වැනි බටහිර ආසියානු යොවුන් චෙස් තරගාවලියේදී පදක්කම් දිනූ ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ දිවයිනට

93

නිමාවට පත් වූ පස් වැනි බටහිර ආසියානු යොවුන් චෙස් තරගාවලියේදී රන් පදක්කමක් ඇතුළු පදක්කම් 16 ක් දිනා ගැනීමට සමත් වූ ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ ඊයේ (23 වැනිදා) දහවල් කටුනායක ගුවන් තොටුපළින් දිවයිනට පැමිණියහ.

මාලදිවයින රාජ්‍යයේ ඉකුත් 15 වැනි දින සිට ඊයේ දින දක්වා මෙම තරගාවලිය පැවැත්විණි.

මේ සඳහා ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන් 23 දෙනෙකු සහභාගී වී සිටියහ. ඔවුන් අතරින් එක් රන් පදක්කමක්, රිදී පදක්කම් 05 ක් සහ ලෝකඩ පදක්කම් 10 ක්, වේග රිද්ම සහ අධිවේගී ඇතුළු කාණ්ඩ 12 ක් යටතේ පැවති මෙම තරගාවලියේ දී දිනා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සමත්වූහ.

කටුනායක ටී.කේ.ජී. කපිල

advertistmentadvertistment
advertistmentadvertistment