පස් හැවිරිදි දැරියට අතවර කළ 14 හැවිරිදි දරුවා පරිවාසයට

938

කුලියාපිටිය මහෙස්ත‍්‍රාත්වරියගෙන් මව්පියන්ට දැඩි අවවාද

වයස අවුරුදු 5 ක දැරියක් අතවරයට ලක්කළ සිදුවීමකට අදාළ සැකකාර 14 හැවිරිදි දරුවා පරිවාස භාරයට පත් කරමින් සැකකාර දරුවාගේ මව අධිකරණයට කැ`දවා දෙමාපියන්ගේ ක‍්‍රියා කලාපය දෝෂ දර්ශනයට ලක් කරමින් අන්තර්ජාලයෙන් දරුවන් අධ්‍යාපනයේ යෙදී සිටින අතරතුර සිදුකරන ක‍්‍රියාකාරකම් පිළිබ`ද දෙමාපියන් සුපරික්‍ෂාකාරී නොවුවහොත් එම දරුවාගේ පරිහාණියට දෙමාපියන් වගකිවයුුතු බවත්” මොනතරම් කටයුතු තිබුණද දරුවාගේ කටයුතු හා දරුවාගේ

ක‍්‍රියාකාරකම් පිළිබ`ද අවධානය දෙමාපියන්ගේ අංක එක නොවුවහොත් ඇතිවන තත්ත්වය දරුවාගේ පමණක් වරදක් නොවන බව කුලියාපිටිය මහේස්ත‍්‍රාත් ජනනි එස්. විජේතුංග මහත්මිය අවධාරණය කළාය.

ඉකුත් අගෝස්තු මාසයේ පවුල් ආරවුලක් හේතුවෙන් සැකකාර දරුවා හා ඔහුගේ 11 වියැති බාල සොයුරාත් වින්දිත දැරිය පදිංචිව සිටින සැකකාර දරුවාගේ මිත්තණියගේ නිවසට ගොස් සිටියදී එම නිවසේ දිවි ගෙවමින් සිට ඇති වයස අවුරුදු 5 යි” මාස 10 ක දැරියකට එසේ ස්ත‍්‍රී දූෂණය අවස්ථා දෙකකදී සිදුව ඇති බව හා නිරන්තරයෙන් අපයෝජනයට ලක්ව තිබූ බවට ක`දානේ ගෙදර පොලිසියට ලද පැමිණිල්ලක් අනුව සිදුකළ විමර්ශන අනුව හෙළිවූ බව පෙරේදා (15 දා) පොලිසිය බී වාර්තාවක් මගින් සැකකාර දරුවා ඉදිරිපත් කරමින් අධිකරණයට කියා සිටියහ. එමෙන්ම කොරෝනා ව්‍යසනයෙන් රට වසා දැමීමට පෙර පාසැල් පැවැත්වූ සමයේ සැකකාර දරුවාගේ පාසලේ 11 වසර ඉගෙනුම ලබන වැඩිමහල් සිසුන් කිහිපදෙනකු ගූගල් හා යූටියුබ් සෙවුම් මාධ්‍ය ඔස්සේ අසැබි දර්ශන නැරඹිය හැකි බව ලබාදුන් උපදෙස් අනුව සැකකාර දරුවා සිය ටැබ් පරිගණකය ඔස්සේ එම අසැබි දසුන් මාස තුනක පමණ කලක් නරඹා ඇති බවට තොරතුරු අනාවරණය වූ බවත් සිය මවගේ සොහොයුරාගේ වයස 5 ක දැරිය සමග සෙල්ලම් කරමින් එම අසභ්‍ය දසුන්වල ඇති දෑ අත්හදා බැලූ බව සැකකාර දරුවා පවසන බවත් පරිවාස නිලධාරිනිිය පැවසීය. එමෙන්ම සුදුසු භාරකාරීත්වයකට පැවරීම වෙනුවෙන් විමර්ශනය කරන තෙක් දරුවා පරිවාස ළමා නිවසේ රැු`දවීමට නියෝග කරන මෙන් ඉල්ලා සිටියාය. සැකකාර දරුවා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මහතාද ඉල්ලා සිටියේ නිවසේ ඇතිව තිබූ ආරවුල් ආදිය හේතුවෙන් දෙපැත්තකින් දරුවා තැලෙමින් පවත්නා බැවින් එම බාලවයස්කාර සැකකරුට සුදුසු ඇපයක් දානය කරන ලෙසයි. වෛද්‍ය පරීක්‍ෂණයන් ස`දහා මේ වනවිට අදාළ වින්දිත දැරිය කුලියාපිටිය ශික්‍ෂණ රෝහලට ඇතුළත් කොට ඇති බවද පොලිසිය අධිකරණයට කරුණු දැක්විය.

පාර්ශ්ව කිහිපයේම කරුණු පිළිබ`ද අවධානය යොමුකළ මහේස්ත‍්‍රාත්වරිය සැකකාර දරුවාගේ මව කැ`දවා දරුවන් අන්තර්ජාලය සමගින් කරන ගනුදෙනු පිළිබ`දව දෙමාපියන් ලෙස දක්වා තිබෙන නොසැලකිල්ල හේතුවෙන් තමන්ගේ දරුවාගේ අනාගතය තමන් විසින්ම විනාශ කරගෙන ඇති බව අවධාරණය කළාය. එමෙන්ම දරුවෙකු එම වයසේදී මෙවැනි තත්ත්වයකට පත්වීමට දෙමාපියන් සෘජුව වගකිවයුතු බවත් දරුවන් යනු දෙමාපියන් විසින් මෙහෙයවිය යුතු පිරිසක් බවත් පැවසුවාය. එමෙන්ම සැකකාර දරුවාට රුපියල් ලක්‍ෂ 4 ක ශරීර ඇපයක් නියම කරමින් එම ඇපය දරුවාගේ මව විසින් තැබිය යුතු බවට කොන්දේසි නිකුත් කර තිබිණ. දරුවා මානසික සෞඛ්‍ය සායනයකට යොමු කරන ලෙසද එහිදී පරිවාසයට නියෝග කර පූර්ණ පරිවාස වාර්තාවක් ඉදිරි දිනට ඉදිරිපත් කළ යුතු බවට නියම කරමින් සැකකාර දරුවා පරිවාස භාරයේ ර`දවා තැබීමටද නියම කළාය. ක`දානේගෙදර පොලිස්

ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක දමිත් අසංක කරුණාසේන” පරිවාස නිලධාරිණිය වාසනා චන්ද්‍රපාල යන මහත්ම මහත්මීන් සැකකාර දරුවා ඉදිරිපත් කරමින් කරුණු කී අතර නීතිඥ ආසිරි ප‍්‍රනාන්දු මහතා සැකකාර දරුවා වෙනුවෙන් පෙනී සිටියේය.

කුලියාපිටිය – උපේන්ද්‍ර සේරසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment