පසුගිය මාස අටට මාතලේ සහ පොළොන්නරුවේ වල් අලි 51ක් මියගිහින්

126

මිනිස් කි‍්‍රයාකාරම් හේතුවෙන් මාතලේ සහ පොළොන්නරුව මහවැලි කලාපවලින් පසුගිය මාස 08 ට වල් අලින් 51 කු මිය ගොස් තිබේ. මාතලේ දිස්ති‍්‍රක්කයෙන් වල් අලි මරණ 06ක් සහ පොලොන්නරුව දිස්ති‍්‍රක්කයෙන් වල් අලි මරණ 45ක් වාර්තා වූ බව වන ජීවි සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ මහවැලි කලාප භාර සහකාර අධ්‍යක්‍ෂ ඩබ්. එම්. එස්. කේ. චන්ද්‍රරත්න මහතා පැවැසීය.

වනාන්තර එළි පෙහෙළි කිරීම ආහාර සහ ජලය සොයා ගම් වැදීම, වල් අලින් අකාලයේ මිය යෑමට බලපා තිබේ. වෙඩි තැබීම, හක්කා පටස්, අනාරක්‍ෂිත වගා ළිංවලට ඇද වැටීමෙන් වල් අලින් මරණයට පත්වී ඇති බව ඔහු පැවැසීය.

ජාතික වනෝද්‍යාන අතර සංක‍්‍රමණය සඳහා ඇති අලි මංකඩ අහුරා සිදුකරන අවිධිමත් සංවර්ධනය ජනාවාස ඉදිකිරීම අලි මිනිස් ගැටුම් ඉහළ යෑමට බලපා තිබෙන අතර පුද්ගල සංවර්ධනය කෙරෙහි අවධානය යොමු කිරීමෙන් වන සතුන්ගේ පැවැත්මට දැඩි තර්ජනයක් එල්ලවී තිබෙන බව සහකාර අධ්‍යක්‍ෂවරයා පැවැසීය.

මාතලේ විශේෂ – නිමල් ගුණතිලක
 

advertistmentadvertistment
advertistmentadvertistment