පසුගිය වසරට තැපැල් දෙපාර්තමේන්තුවේ පාඩුව බිලියන 7.2 ක්

188

තැපැල් දෙපාර්තමේන්තුව ඉකුත් වර්ෂයේදී (2021) රුපියල් බිලියන 7.2ක පාඩුවක් ලබා ඇති බැව් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2021 වර්ෂයට අදාලව නිකුත්කොට ඇති වාර්ෂික මහ බැංකු වාර්තාවේ සදහන් වේ.

2020 වර්ෂයේදී තැපැල් දෙපාර්තමේන්තුව රුපියල් බිලියන 7.7ක පාඩුවක් ලබා තිබුණි. කෙසේවුවද දැනට සිදුවෙමින් පවතින ඩිජිටල් පරිවර්තනය සහ පාරිභෝගිකයින්ගේ ඉහළ යන අවශ්‍යතාවන්ට ගැළපෙන පරිදි තැපැල් දෙපාර්තමේන්තුව විසින් නව්‍ය අගය එකතු කළ සේවාවන් සැපයීම සිදුකෙරේ. මෙකී සේවා අවශ්‍යතාවය පිළිබිඹු කරමින් 2020 වර්ෂයට සාපේක්ෂව 2021 වර්ෂයේ දී තැපැල් දෙපාර්තමේන්තුවේ පාඩුව රුපියල් බිලියන 0.5කින් අඩුවී ඇත.

දිවයින පුරා තැපැල් බෙදාහැරීමේ ප්‍රදේශ 8157ක් ආවරණය වන පරිදි ප්‍රධාන තැපැල් කාර්යාල 654ක්, උප තැපැල් කාර්යාල 3410ක් සහ පෞද්ගලික තැපැල් කාර්යාල 130කින් තැපැල් දේපාර්තමේන්තුව සමන්විත වේ.

ලලිත් චාමින්ද

advertistmentadvertistment
advertistmentadvertistment