පසුපෙළට ගිය විමල් සහ ගම්මන්පිල ඊයේ මැතිසබයට නොඑති වාසුත් ඇවිත් නෑ

152

මෙතෙක් පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ ඉදිරි පෙළ ආසන වෙන් කොට තිබූ විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල යන හිටපු ඇමැතිවරුන් සඳහා ඊයේ (08) අංක 73 සහ 78 යන පසුපෙළ ආසන වෙන් කර තිබිණි.

විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල මහත්වරුන් ඊයේ පාර්ලිමේන්තුවට පැමිණ නොසිටි අතර ඇමැති ධුරයේ රාජකාරී කටයුතුවලින් ඉවත්ව සිටින වාසුදේව නානායක්කාර මහතාද පැමිණ සිටියේ නැත.

විමල් වීරවංශ මහතා ඇමැතිවරයකු ලෙස කටයුතු කරද්දී ඔහුට ආණ්ඩු පක්ෂයේ පළමු පේළියේ ඉදිරිපෙළ ආසනයක්ද, උදය ගම්මන්පිල මහතාට දෙවැනි පෙළ කැබිනට් ඇමැතිවරුන්ට අදාළ ආසනයක් ද හිමිව තිබිණි.

මේ අතර නව කැබිනට් ඇමැතිවරුන් ලෙස පත් කෙරුණු කර්මාන්ත ඇමැති එස්.බී. දිසානායක මහතා ආණ්ඩු පක්ෂයේ ඉදිරිපෙළ දෙවැනි ආසනයේ ද, ප‍්‍රවාහන ඇමැති දිලූම් අමුණුගම මහතා ආණ්ඩු පක්ෂයේ දෙවැනි පේළියේ තිස් වැනි ආසනයේ අසුන්ගෙන සිටියහ.

දිලූම් අමුණුගම සහ එස්. බී. දිසානායක නව ඇමැතිවරුන් අසලට පැමිණි ආණ්ඩු පක්ෂයේ මැති ඇමැතිවරුන් ඔවුන්ට සුබ පැතුම් පිරිනමනු දක්නට ලැබිණි.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment