පහන්තුඩාව ඇල්ල ළඟ අසභ්‍ය වීඩියෝ රූගත කළ යුවළට පොලිස් ඇප තරුණයාට කොවිඞ්: තරුණියට පරීක්ෂණයක්

367

බලංගොඩ බෙලිහුල්ඔය ප‍්‍රදේශයේ පිහිටි පහන්තුඩාව දියඇල්ල පසුබිම් කර ගනිමින් අසභ්‍ය වීඩියෝ පටයක් නිර්මාණය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තරුණ යුවළ පොලිස් ඇප මත ඊයේ (03 වැනිදා* මුදා හැර ඇත.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්වූ තරුණයාට කොවිඞ් වෛරසය ආසාදනය වී ඇති බව පරීක්ෂණවලින් හෙළි වී තිබේ.

ඒ අනුව එම තරුණයාට මහරගම පිහිටි ඔහුගේ නිවසේදීම පොලිස් ඇප ලබාදීමට කටයුතු කෙරිණි. මෙම තරුණ යුවළට ලබන 16 වැනිදා කොළඹ මහෙස්ත‍්‍රාත් අධිකරණය හමුවේ පෙනීසිටීම ද දැනුම් දී ඇත. සැකකාර තරුණිය ද කොවිඞ් පරීක්ෂණයක් සඳහා ඉදිරිපත් කර තිබේ.

මෙම සිද්ධියට සම්බන්ධ තරුණ කාන්තාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ අංශය මගින් අත්අඩංගුවට ගත් අතර ඇයට ඇප ලබාදී ඇත්තේ එම දෙපාර්තමේන්තුවේදීය.

බලංගොඩ පහන්තුඩාව දියඇල්ල අසල අඹු සැමියන් ලෙස හැසිරෙමින් සිටි වීඩියෝ පටයක් අන්තර්ජාලයට මුදා හැරීමේ සිද්ධිය පසුගියදා මහත් ආන්දෝලනයට තුඩු දුන්නේය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලින් හෙළිවූයේ මෙම යුවළ ප‍්‍රසිද්ධ ස්ථානවලට ගොස් මේ ආකාරයට ලිංගිකව හැසිරෙමින් ඒවා වීඩියෝගත කර අන්තරජාලයට මුදා හැර ඒ හරහා මුදල් උපයන බවය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ කොට්ඨාසය මේ සම්බන්ධයෙන් විමර්ශන පවත්වා ගෙන යයි.

හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment