පහන්තුඩාව ඇල්ල ළඟ වීඩියෝවෙන් අගතියට පත් යුවළ ගැන සී අයි ඞී විමර්ශන

301

පහන්තුඩාව දිය ඇල්ල ආසන්නයේ අසභ්‍ය වීඩියෝ පටයකට සම්බන්ධ වූ යුවළගේ බව පවසමින් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ පැතිර යන වීඩියෝ කීපයක් නිසා අගතියට පත්වී සිටින යුවළ සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් සිදුකරන ලෙසට මහජන ආරක්‍ෂක ඇමැති රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට (සී.අයි.ඞී* දැනුම්දී තිබේ.

මෙම යුවළ අගතියට පත්කළ පුද්ගලයන් සොයා කඩිනමින් විමර්ශනයක් සිදුකරන ලෙසටද අමාත්‍යවරයා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාටද උපදෙස් දී ඇත. අපහසුතාවට පත්ව සිටින යුවළ අතරින් ස්වාමිපුරුෂයා මෙසේ පැවැසීය. ‘‘අපි දෙන්නා 2020 දෙසැම්බර් 19 වැනිදා පහන්තුඩාවේ දිය ඇල්ල ගාව ළඟ ගත්තු පින්තූරයක් අසභ්‍ය වීඩියෝ පටයක් සමඟ අන්තර්ජාලයට මුදාහැරලා තියෙනවා. මේක දිගින් දිගටම අන්තර්ජාලයේ සංසරණය වෙනවා. ඉන්ස්ට‍්‍රග‍්‍රෑම් ගිණුම් එක්ක පසුව අප දෙදෙනාගේ ඡුායාරූපයක් අන්තර්ජාලය තුළ සංසරණය වෙන්න ගත්තා. එයින් අපි ඉතා අපහසුතාවයකට පත්වුණා. අපේ දෙමාපියෝත් අපහසුතාවයට පත්වුණා. හැම ෂෝෂල් මීඩියා එකකින්ම මේක නිව්ස් එකක් විදිහට එළියට එන්න ගත්තා. මම ඉල්ලා සිටිනවා සියලූ ෂෝෂල් මීඩියා වලින් මේ වෙච්ච වැරැුද්ද හරිගස්සන්න. මේවගේ වැරැුද්දක් ආයේ කාටවත් වෙන්න ඉඩ හරින්න එපා. ඒක වෙච්ච අය තමයි දන්නේ කොච්චර අමාරුද ඒ වගේ දෙයක් වුණාම කියලා.’’ මෙහිදී කතා කළ බිරිඳ මෙසේ පැවැසුවාය. මම මේක දැනගන්නකොට ගොඩක් පරක්කු වෙලා. පුළුවන් හැමදෙනාටම අපි කතා කළා. මේක අයින් කරන්න එහෙම කරන්න එපා කියලා. ගොඩක් අය උදව් කළේ නැහැ. කවුරුත් අපිව තේරුම් ගත්තේ නැහැ. අපි විවාහ වෙලත් වසර එකහමාරක් වෙනවා. මෙහෙම දෙයක් වුණාම කාන්තාවක් සමාජයට මුහුණ දෙන්නේ කොහොමද? මට කියාගන්න බැහැ.

ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment