පහරකෑ මාධ්‍යවේදීන්ට සාධාරණයක් කරන්නැයි සරසවි සිසුහු යාපනය විශ්වවිද්‍යාලය ඉදිරිපිට විරෝධතාවක

124

කොළඹ පැවති මහජන විරෝධතා වාර්තා කිරීමට ගොස් සිටියදී පහර කෑමකට ලක් වූ මාධ්‍යවේදීන් 11 දෙනා වෙනුවෙන් සාධාරණයක් ඉටුකරන ලෙස ඉල්ලමින් යාපනය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය හා ජනමාධ්‍ය පීඨයේ සිසුන් යාපනය විශ්වවිද්‍යාලය ඉදිරිපිටදී පෙරේදා (14 දා) විරෝධතාවක නිරත වූහ.

විරෝධතාවට එක් වූ පිරිසෙන් වැඩි දෙනෙකු කලු රෙදිවලින් මුව ආවරණය කරගෙන විරෝධතාවයේ නිරත වූ අතර මාධ්‍ය මර්දනය වහාම නතර කරන ලෙස ඉල්ලමින් විවිධ සටන් පාඨ කියමින් විශ්වවිද්‍යාල සිසුන් කෑකෝ ගැසූහ. මේ විරෝධතාවට යාපනය විශ්වවිද්‍යාලයේ සියලු ජාතීන්ට අයත් සිසුන් සහභාගි වී සිටියහ.

දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment