පහරදීමේ තැතට විරෝධය පා සජබ මැති සබයෙන් ඉවතට යයි

202

මන්තී‍්‍ර මනූෂ නානායක්කාර මහතාගේ කතාව වැඩිපුර විනාඩි පහකින් දීර්ඝ කිරීමට සිකුරාදා සවස කළ ඉල්ලීමක් සම්බන්ධයෙන් මතුවූ ප‍්‍රශ්නය පෙරේදා (04දා) විපක්ෂය සහ ආණ්ඩු පක්ෂය අතර ඇතිවූ කතාබහකින් සහ පක්ෂ නායක රැුස්වීමකින්ද සමථයකට පත් නොවීම හේතුවෙන් සමගි ජන බලවේගය මන්තී‍්‍රවරු සභා ගැබෙන් ඉවත්ව ගියහ.

එහිදී විපක්ෂ මන්තී‍්‍රවරුන්ගේ ආරක්ෂාව තහවුරු කරන තෙක් පාර්ලිමේන්තුවට නොපැමිණෙන බවද විපක්ෂයේ ප‍්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.

විපක්ෂයේ ප‍්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා – ඊයේ සවස්වරුවේ ඇතිවූ සිද්ධිය ගැන විපක්ෂය බලවත් අප‍්‍රසාදය පළ කරනවා. ඔබතුමා දන්නවා පක්ෂ නායක රැුස්වීමේ තමයි වෙලාව වෙන් කර ගන්නේ හැටයි හතළිහයි ලෙස. ඊයේ මනූෂ නානායක්කාර මන්තී‍්‍රමා කතා කරන විට පහට ඔහු විනාඩි 13යි කතා කරලා තිබුණේ. මම ඔබතුමාගෙන් ඉල්ලීමක් කළා විනාඩි පහක් දෙන්න කියලා. ඔබතුමා පාර්ලිමේන්තු කාලය දිගු කළත් ඒ විනාඩි පහ ලබා දුන්නේ නෑ. ඔබතුමා මේ පාර්ලිමේන්තුවේම කථානායක. ඒ විනාඩි පහ ලබා නොදුන් නිසා තමයි මේ ප‍්‍රශ්නය හට ගත්තේ. සියල්ලටම වඩා ආණ්ඩු පක්ෂයේ මන්තී‍්‍රවරු මේ පැත්තට ඇවිල්ලා අපේ මන්තී‍්‍රවරුන්ට ගහන්න ගිහින් තල්ලූ කළා. ඔබතුමාට මේක පාලනය කරන්න බැරිද? ඔබතුමා විනාඩි පහ දෙන්න කැමැත්තෙන් හිටියේ. ආණ්ඩුවේ අය ඇවිත් කිව්වා දෙන්න එපා කියලා.

කථානායක – නෑ ඒක වැරදියි.

ලක්ෂ්මන් කිරිඇල්ල මහතා- ඔබතුමා ඒ බලපෑමට යටවුණා. මේ විදිහට පාර්ලිමේන්තුව පවත්වාගෙන යනවා නම් මේ පාර්ලිමේන්තුව ගැන විශාල කළකිරීමක් තිබෙනවා. ඔබතුමා මේක පාලනය කරන්න.

සභානායක – දිනේෂ් ගුණවර්ධන මහතා – විපක්ෂයේ ප‍්‍රධාන සංවිධායකතුමාගේ ඇස් පෙනෙනවානම් එතුමාගේ මතකය හොඳනම් කථානායකතුමා වෙත පළමුව දිව්වේ කවුද කියලා මතක් කර ගන්න. පාර්ලිමේන්තුව කරගෙන යන්න කථානායකතුමාට සහාය ලබාදීම අපේ වගකීමක්. විපක්ෂයට ඒ ක‍්‍රියාව නවත්ව ගන්න බැරිවෙලා. මන්තී‍්‍රතුමාලා කථානායක වෙත ඔබේ පැත්තෙන් පැමිණීමයි හෙළාදැකිය යුත්තේ. ලැජ්ජා නැතිව කතා කරන්න එපා. විවාදය අවසන් කරන්නයි ගියේ. පොන්නම්බලම් මන්තී‍්‍රතුමා ලිපියක් භාරදීලා තිබෙනවා විපක්ෂයේ සංවිධායකමාට. ඇයි ඒක ලබා නොදුන්නේ කියලා පරීක්ෂණයක් කරන්න.

ලක්ෂ්මන් කිරිඇල්ල මහතා – යන්නෙ කොහෙද මල්ලේ පොල් වගේ තමා කතා කරන්නේ. අපි පොන්නම්බලම් ගැන කතා කළේ නෑ. අපේ මන්තී‍්‍රවරු ධම්මික දසනායක මහතා ළ`ගට ගියේ විනාඩි පහ ඉල්ලගන්න. එහෙන් තමයි මෙහාට ආවේ.

කථානායක – ඔබතුමාලා ඔය ප‍්‍රශ්නය නම් කතා කරන්නෙ අපි ඒකට උත්තර දෙන්නම්.

රංජිත් මද්දුම බණ්ඩාර මහතා- මනූෂ මන්තී‍්‍රතුමාට වුණු අසාධාරණය කියන්නයි ඔබතුමා ළ`ගට ආවේ. ඒ වෙලාවේ තමයි එහා පැත්තේ ඉ`දලා ඒ මිරිස් කුඩු කල්ලිය ක‍්‍රියාත්මක වුණේ. ප‍්‍රධාන සංවිධායක තමයි පළමුවෙන්ම මේ පැත්තට ආවේ. රෝහිණී මන්තී‍්‍රතුමියට වුණු අසාධාරණයට එරෙහිවත් ඔබතුමා පියවර ගත්තේ.

කථානායක – එකම දේනේ මේ කතා කරන්නේ.

ජේ. සී. අලවතුවල මහතා – මේ පාර්ලිමේන්තුව ගැන කථානායකතුමාටයි වගකීම තියෙන්නේ. ඔබතුමා වගකීමෙන් කටයුතු කරන්න. ජොන්ස්ටන් ප‍්‍රධාන සංවිධායකතුමා තමයි පළමුවෙන් මේ පැත්තට ආවේ.

දිනේෂ් ගුණවර්ධන මහතා – කථානායකගේ නියෝගය පිළිපදින්නේ නැත්තම් ඒවාටත් කි‍්‍රයාමාර්ගවලට ලක්වෙන්න ඕනා.

මනූෂ නානායක්කාර මහතා- වෙලාව සම්බන්ධයෙන් ගැටලූවක් මතුවුණා. එහිදී කථානායකතුමා වෙනත් දිනවල වගේ පහෙන් පස්සේ වෙලාව ලබා දුන් ආකාරයටම ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ඉල්ලීමක් කළා. කථානායකතුමා ඊට ගරු කරලා ඒ ඉල්ලීම ලබාදුන්නා. ඒ වෙලාවේ ආණ්ඩු පක්ෂයේ ප‍්‍රධාන සංවිධායක කිව්වා ඒකට විරුද්ධයි කියලා. ඒ නිසා ඔබතුමා මගේ කතාව නතර කළා. එවිට මම ඔබතුමා ළ`ගට ආවා. ඇවිත් මම කථානායකතුමාට තර්ජනය කළාද? මම තර්ජනයක් කළේ නෑ. මම ඒක අහන විට ආණ්ඩු පක්ෂයේ ප‍්‍රධාන සංවිධායකතුමා කථානායක පුටුව පිටිපස්සෙන් ඇවිත් කුණුහරුප ගොඩාක් පාවිච්චි කරමින් මට බැන්නා. ඒ විතරක් නොවෙයි කාංචන විජේසේකර මන්තී‍්‍රවරයා මාව තල්ලූ කළා. හර්ෂද සිල්වා මන්තී‍්‍රතුමා නිසයි මම නොවැටී බේරුණේ. කථානායක හමුවෙලා මට වුණු අසාධාරණය ගැන කියන්න බැරිනම් මොකක්ද මේකේ තිබෙන ප‍්‍රජාතන්ත‍්‍රවාදය?

නලින් බණ්ඩාර මහතා – ඔබතුමා 2020දීත් සභාවේ වැඩ අවසන් වනතුරු කියලා තමයි කල් ගත්තේ. ඒ දවසක මම විනාඩි 38 ක් කතා කළා. ඔබ සද්භාවයෙන් කටයුතු කළත් ආණ්ඩුව ඊට ඉඩ දුන්නේ නෑ. ඔබතුමාගේ පුටුව උඩින් පැනලා ආපු ආණ්ඩු පක්ෂයේ ප‍්‍රධාන සංවිධායකතුමා ගැන අපේ කලකිරීමක් තිබෙනවා.

ආණ්ඩු පක්ෂයේ ප‍්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතා – ඊයේ ඇතිවුණු සිද්ධිය ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑ. මනූෂ මන්තී‍්‍රතුමා කථානායකතුමා ළ`ගට ආවා. අපේ යුතුකම කථානායකතුමා ආරක්ෂා කිරීමයි. (ඝෝෂා* අහගන්න කොන්දක් තියා ගන්න. පාර්ලිමේන්තු මන්තී‍්‍ර කෙනෙකුට කථානායකට තර්ජනය කරන්න අයිතියක් නෑ. මේක විපක්ෂය ආණ්ඩුව කරන කාලේ වගේ නොවෙයි. කරු ජයසූරිය නොවෙයි දැන් ඉන්නේ. අපිට මතකයි මහින්ද රාජපක්ෂ මහත්තයාට මන්තී‍්‍ර මහින්ද කියලායි කතා කළේ. කථානායකතුමාට අත තියන්න අපි ඉඩ දෙන්නේ නෑ. ඔබතුමාට තර්ජනය කළ මනූෂ මන්තී‍්‍රවරයා ගැන පියවර ගන්න.

නිමල් ලන්සා මහතා – විපක්ෂයට අවස්ථාව දීපු කථානායකවරයෙක් තමයි දැන් ඉන්නේ. අද දවසෙත් එහෙමයි. න්‍යාය පත‍්‍රයට අනුව කටයුතු කළ යුතුයි.

ගයන්ත කරුණාතිලක මහතා – ඊයේ මෙතැන වුණු සිද්ධිය ගැන අපි හොඳට දැක්කා. කථානායකතුමාට තර්ජනය කළාද කියලා එතුමා කියන්න ඕනා.

කථානායක – ඊයේ සිද්ධිය ගැන අපි පක්ෂනායක රැුස්වීමක් කැඳවලා තීරණයක් ගනිමු.

ලක්ෂ්මන් කිරිඇල්ල මහතා – විපක්ෂයේ මන්තී‍්‍රවරුන්ගේ ආරක්ෂාව පිළිබඳ ප‍්‍රශ්නයක් මතුවෙලා තිබෙනවා. ඊයේ මනූෂ නානායක්කාර මන්තී‍්‍රතුමා කථානායක ළඟට ගිහින් වැඩිපුර විනාඩි පහක් ඉල්ලනකොට ආණ්ඩු පක්යේ මන්තී‍්‍රවරු විස්සක් විතර විපක්ෂයට ඇවිත් පහර දෙන්න උත්සාහ කළා. තල්ලූ කෙරුවා. ඒක ඊයේ ඉවරයි කියලා අපි අද පාර්ලිමේන්තු ආවා. නමුත් අද එතුමාගේ කතාවෙන් පසුව අපේ පැත්තේ ලොබියෙදී ආණ්ඩු පක්ෂ මන්තී‍්‍රවරු 15ක් 20 ක් එතුමාට පහර දෙන්න උත්සාහ කළා. ආරක්ෂාව තහවුරු කරන්නේ නැත්නම් අපිට ඉන්න බෑ. පාර්ලිමේන්තුවේ කවුරු හරි මොනවා හරි කිව්වා නම් අපි උත්තර දෙන්න ඕනා. අපිට ගහගන්න බෑ. ඒක තමයි සම්ප‍්‍රදාය. අපි ඒ නිසා අපි තීරණය කරලා තිබෙනවා අපේ ආරක්ෂාව තහවුරු කරන තෙක් අපි නැවත පාර්ලිමේන්තුවට එන්නේ නෑ.

ජේ. සී. අලවතුවල මහතා- ඊයේත් අපේ මන්තී‍්‍රතුමාට ඇවිත් ගැහුවා. අදත් කතා කරලා බේරුවාම ඒ මන්තී‍්‍රතුමාට විපක්ෂයේ ලොබියට ඇවිත් ගහන්න එනවා නම් ආරක්ෂාව දෙනකම් අපි මේ විවාදයෙන් අයින් වෙනවා.

නලින් බණ්ඩාර මහතා – මේ 225 ටම විරෝධයක් තිබෙන මොහොතක මේ අය ඒක තවත් වර්ධනය කරනවා. අද ගමට යන්න බැරි ආණ්ඩුවට අද අපිට මෙතන ගහන්න යනවා. අපි කියනවා පුළුවන්නම් ගමට යන්න කියලා.

අකිත පෙරේරා, රනිල් ර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment