පහසුකම් දෙන්න වේදිකාව ගොඩගන්න පුළුවන්…

168

යෞවන සම්මාන උළෙලේ (කෙටි නාට්‍ය)  හොඳම නළුවා


 අද රංගවේදියෙක්

 කතාබහ- – තරිඳු දේවතන්ත‍්‍රි


 * පාසල් කාලය

 මගේ ගම දෙහිවල. පාසල් ගියේ දෙහිවල එස්. ද එස්. ජයසිංහ මධ්‍ය මහා විද්‍යාලයට. 10 ශ්‍රේණියේ පටන්ම නාට්‍ය හා රංග කලාව විෂයට යොමු වුණ මාව 11 ශ්‍රේණියේදී සමස්ත ලංකා අභිරූපණ නාට්‍ය තරඟයකට තෝරා ගන්නවා. ඒ තෝරාගැනීම කරන්නෙ අසංක එදිරිසිංහ සහ සුජානි විජේකෝන් යන ගුරු මහත්ම මහත්මීන් දෙපළ විසින්. එතන තමයි මගේ කලා ජීවිතයේ ආරම්භය වෙන්නෙ.

 * පියවරක් ඉදිරියට

 උසස් පෙළ විෂයයන් සඳහාත් මම තෝරා ගන්නෙ නාට්‍ය හා රංග කලාව විෂය. ඒ සඳහා වැඩිදුර අධ්‍යාපනය ලැබීමට මගක් හොයන මට චාමික හත්ලහවත්ත මහත්මයාව මුණගැහෙනව. එතනදි මගේ කලා ජීවිතයේ පරිවර්තනයක් වෙමින් ‘මකරට සහ රජා මං වහලා. නාට්‍යයන්වල සහය අධ්‍යක්‍ෂවරයෙක් හැටියට වැඩ කරන්න මට අවස්ථාව ලැබෙනව. මේ කටයුතුත් එක්ක සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයේ අයියලා අක්කලා එක්ක ගනු දෙනු කරන්න ලැබීමෙන් මගේ දැනුම පුළුල් කරගන්න හොඳ අවස්ථාවක් උදාවෙනව.

 * දැනුම සොයා

 රංගනය ගැන ඇති වුණ කැමැත්ත” ආසාව නිසා තවදුරටත් ඒ ගැන හදාරන්න ඕනා කියන තැනට මම එනව. ඒ පිපාසය නිිසාම ටවර්හෝල් නාට්‍ය පාසලට ඇතුළත් වෙනව. එතනදි අවසන් පරීක්‍ෂණය සඳහා විරාජ් රත්නායකගේ

 අධ්‍යක්‍ෂණයෙන් ටවර්හෝල් නාට්‍ය පාසලෙන් නිෂ්පාදනය කරන ‘සිඟන රැුලේ ඔපෙරාව. නාට්‍යයට මම රංගනයෙන් දායක වෙනව. මේ මගේ මුල්ම දිගු නාට්‍ය රංගනය.

 * සම්මානයක වරුණ

 ඇත්තටම රංගනයේදී මම සම්මාන ගැන බලාපොරොත්තු තියාගෙන නෑ. ඔයැ ්ටරුැපැබඑ නාට්‍යයත් ඒ වගේ. ඔයැ ්ටරුැපැබඑ කියන්නෙ ටවර් හෝල් නාට්‍ය පාලලේ අවසන් ප‍්‍රායෝගික පරීක්‍ෂණයක් සඳහා නිෂ්පාදනය කළ නාට්‍යයක්. මේ වසරේදීම වේදිකාවෙන් මහපොළොවට උළෙලට ඉදිරිපත් කිරීමෙන් මම හොඳම නළුවා සම්මානයට නිර්දේශ වුණා. නමුත් මම හොඳම නළුවා වෙන්නෙ යෞවන සම්මාන උළෙලේදී. ඇත්තටම ඒ ගැන බොහොම සතුටුයි. මෙතන විශේෂත්වය වෙන්නෙ මම පළමු වරට ප‍්‍රධාන චරිතයක් ර`ගපෑම සහ යෞවන සම්මාන උළෙලකට මගේ රංගනයක් ඉදිරිපත් කළ පළමු වතාව වීම.

 * බලාපොරොත්තුව

 මම දැනට විවෘත විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනවේදී උපාධිය හදාරනවා. එතැනින් එහාට වැඩිදුර අධ්‍යාපන කටයුතු ලංකාවේ හෝ විදෙස් රටක හරි කරගෙන යන්න කැමැත්තෙන් ඉන්නවා. මොකද මගේ එකම බලාපොරොත්තුව වෙන්නෙ නාට්‍ය හා රංග කලාව ගුරුවරයෙක් වීම.

 * මෙහෙමයි පාර හැදුනෙ

 මේ විෂය ඇතුළෙ අපේ ජීවිතය තියෙනව. විවිධ මිනිසුන් මුණගැහෙනව. ඔවුන් ආශ‍්‍රය කරන්න අවස්ථාව

 ලැබෙනව. ජෝ අබේවික‍්‍රම” අමරසිරි කලංසූරිය” විමල්කුමාර ද කොස්තා. මහේන්ද්‍ර පෙරේරා වැනි ප‍්‍රවීණයන් වගේම සරත් කරුණාරත්න වැනි ශිල්පීන්ගේ රංගනයට මම බොහොම කැමතියි. ඒ ඇල්ම තමයි කලාවට යොමු වෙන්න පාර පෙන්නුවේ.

 * අඩුපාඩු

 අපේ රටේ පහසුකම් ඇති රංග ශාලා තියෙන්නෙ ඉතා අඩු ප‍්‍රමාණයක්. කොළඹින් පිට රංග ශාලා වෙනුවට තියෙන්නෙ රැුස්වීම් ශාලා. බොහෝ ඒවායේ දර්ශන වාර දෙකක් පෙන්වන්න බැරි තරමට ශිල්පීන් වෙහෙසට පත් වෙනව. මේ අඩුපාඩු නිසා නාට්‍ය කලාව පවත්වාගෙන යන එක නාට්‍යකරුවන්ට විශාල ගැටලූවක් වෙලා.

 * ප‍්‍රවීණයන් සහ නවකයන්

 අපිට ඇතැම් තැන්වලදි අහන්න ලැබෙන දෙයක් තමයි ප‍්‍රවීණයන් සහ නවකයක් අතර සම්බන්ධය ගැන ගැටලූව. නමුත් මට

 මුණගැහුණ” මම ගනුදෙනු කළ අය එක්ක මට කවදාවත් ගැටලූවක් මතුවෙලා නැහැ. අපි අදහස් හුවමාරු කරගන්න විදිහ අනුව තමයි ඒ සම්බන්ධයේ ශක්තිමත් බව රඳාපවතින්නෙ.

 * එදා සහ අද

 වර්තමානයේ බිහි වන බොහොමයක් නිර්මාණ එදාට වඩා ඉදිරියෙන් ඉන්නව කියල කියන්න පුළුවන්. නමුත් එදා යුගය හා සැසඳීමේදී අද නිර්මාණ එකතැනක නැවතුන බවක් තමයි දකින්න තියෙන්නෙ. වර්තමානයේ පේ‍්‍රක්‍ෂකයා වේදිකාවෙන් ඈත් වීමක් දකින්න ලැබෙනවා. වේදිකාව අතහැරල ටෙලි නාට්‍ය පැත්තට යොමුවෙන පේ‍්‍රක්‍ෂකයා ඒකත් අතහැරල සමාජ මාධ්‍ය පැත්තට යොමුවෙනව. නමුත් රූපවාහිනිය සමාජ මාධ්‍ය සමග එකතුවෙලා ඉදිරියට යනව. වේදිකාවේ සජීවී බව රැුකගෙන මේ යන රටාවට හුරුවෙලා නව තාක්‍ෂණයත් එක්ක එකතුවෙලා ගමන යන්න ඕනා. අද වන විට ජාත්‍යන්තරයේ මේ දේ සිදුවෙනවා.

 * ලෝකය සහ අපි

 වර්තමානයේ තාක්‍ෂණික දියුණුවත් සමග ලෝකයේ වේදිකාව තියෙන තැන සමග අපේ වේදිකාව සංසංදනය කළොත් අපි ඉන්නෙ බොහෝම පිටුපසින් කියන එක රහසක් නොවෙයි. අපිට සම්පත් තියෙනව. නමුත් පහසුකම් සහ වටපිටාව ඉතාම සීමිතයි. ලයනල් වෙන්ට්ඞ් රංග ශාලාව භාවිත කළොත් යම්කිසි මට්ටමකින් හරි තාක්‍ෂණය පාවිච්චි කරන්න පුළුවන්. නමුත් නිර්මාණයක් රට වටා ගෙනියද්දි කොහොමද ඒ දේවල් අරගෙන යන්නෙ. ඒ නිසා නිර්මාණකරුවො පුළුවන් තැනදිවත් තාක්‍ෂණය භාවිතයට නොගන්න තැනට පත්වෙලා. මේක අවාසනාවන්ත තත්ත්වයක්.

 * අනාගතය

 ඇත්තටම අද තියෙන තත්ත්වයත් එක්ක වේදිකාවේ අනාගතය ගැන අනාවැකි කියන්න හරිම අමාරුයි. කොහොම වුණත් තියෙන සම්පත්වලින් ප‍්‍රයෝජන ගත්තොත් කවදාවත් අසුබවාදී බවට හැරෙන්නෙ නැහැ. නිර්මාණකරුවන්ට අවශ්‍ය අවම පහසුකම් ටිකවත් සපයාදෙන්න බලධාරීන්ට පුළුවන් නම්” ලංකාවේ වේදිකාව තවමත් නගාසිටුවන්න පුළුවන් තැනක තියෙන බව කියන්න පුළුවන්.



 මහේෂ් එදිරිසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment