පහස සොයා එන අය සුද්ධ කරන ගල්කිස්සේ ආතල් වධකාගාරය

2035

ගණිකා වෘත්තිය අපේ රටේ තහනම්ය. නමුත් ලොව පැරණිම වෘත්තිය ලෙස සැලකෙන ගණිකා වෘත්තිය අපේ රටේ ඕනෑතරම් සිදුකෙරේ. තරු පහේ හෝටල්වලට එන විදේශීය සංචාරකයන්ට නිදහසේ මෙරට කාන්තාවක් ඇසුරු කරන්නට ඉඩකඩ තිබුණත් කුඩා කුඩා හෝටල්, තානායම් හා ලැගුම්හල්වල පවා මෙකී ගණිකා ව්‍යාපාරය ගජරාමෙට සිදුවන බව ප‍්‍රසිද්ධ රහසකි.

මේ රටේ ගණිකා වෘත්තියේ නිරතවන පිරිස සැලකිල්ලට ගත්විට ඔවුන්ගෙන් එක කොටසක් දිලිඳුකම නිසා එම වෘත්තියට ඇද වැටී ඇත. තවත් පිරිසක් ඒ වෘත්තියේ නිරත වන්නේ දවසකට අතිවිශාල ආදායමක් එමගින් උපයාගත හැකි නිසාය. තවත් පිරිසක් ඊට ගොදුරු වන්නේ කාලකණ්ණි මිනිසුන්ගේ බහට රැවටී දූෂණය වී යනඑන මං නැතිවූ පසුවය.

ඉකුත්දා හිරු ටීවී නාලිකාව හරහා හරි අපූරු හෙළිදරව්වක් කළේය. හිරු සීඅයිඒ මගින් කළ ඒ හෙළිදරව්ව දුටු අප කොයි කාගෙත් සිත සලිත වී ගියේ එකී දර්ශන පෙළ හරි අපූරුවට වීඩියෝ කර තිබූ බැවිනි. ගල්කිස්ස දක්‍ෂිණාරාම ප‍්‍රදේශයේ සංවිධානාත්මකව පවත්වාගෙන ගිය ලැගුම්හලක කෙරුවාව ඉන් හෙළිදරව් කෙරිණි.

ගල්කිස්ස යනු හරි ජනාකීර්ණ ප‍්‍රදේශයකි. හෝටල්, තානායම්, ලැගුම්හල් පිරි මේ ප‍්‍රදේශයේ සියලූ දුරාචාර සිදුවේ. විශේෂයෙන්ම ගණිකා ව්‍යාපාරයට ප‍්‍රසිද්ධ ප‍්‍රදේශයකි. ගාලූ පාර දිගේ රාත‍්‍රි කාලයට යනඑන විට මග දෙපස තරුණ කාන්තාවන් රැ`දී සිටින්නේ පිරිමියෙක් දැලේ දා ගැනීමේ අරමුනණි. වීථි පහන් එළියට සුන්දරව පෙනෙන මේ තරුණ ගණිකාවන් බැලූ බැල්මට සුන්දරය. රාත‍්‍රියේ මධුවිතක් තොල ගා මේ මාර්ගය ඔස්සේ ගමන්බිමන් යන බොහෝ තරුණ පිරිස එක තත්පරයක් හෝ නැවතී වීති ගණිකාවන් දෙස බලා යන්නේ එනිසාය. එලෙස යන බොහෝ මිනිසුන් වීථි ගණිකාවකගේ පහස වි`දීමට කල්පනා නොකළත් ඉඳහිට හෝ පිරිමි දෙතුන් දෙනෙක් ගණිකා පහස ලබාගැනීමට මොවුන් ළඟට යන්නේ විවිධ හේතු මතය.

ගල්කිස්ස, දක්‍ෂිණාරාමය අසල ලැගුම්හලක් ඇත. වීථි ගණිකාවන් හා පාතාල කෙරුමන් පිරිසක් එක්ව අලූත් සැලැස්මක් සකසා ගන්නේ ලේසියෙන් මුදල් උපයා ගැනීමට පොටක් පාදා ගනිමිනි.

පාරේ යන එන තරුණයින්ව කෙලෙස හෝ වසඟයට ගන්නා මොවුන් ගනුදෙනු කථා කරගත් පසු යන්නේ දක්‍ෂිණාරාම ප‍්‍රදේශයේ පිහිටි තානායමටය.

‘‘මහත්තයා අපිට ඔය කියන කියන තැන්වලට යන්න බෑ. අපි යමු දක්‍ෂිණාරාමය පාර ළඟ තියෙන තැනට. එතැන ආරක්‍ෂාව හො`දයි.’’ එසේ කියා මේ වීථි ගණිකාවන් සිය ගනුදෙනුකරුවා රැගෙන යන්නේ ඔවුන්ගේ තිප්පළටය.

තිප්පළට ගිය පසු ගනුදෙනුකරුවා පැමිණි වාහනය, යතුරුපැදිය එහි නවතා ඇතුළට යන්නේ බොහෝ බලාපොරොත්තු ඇතුවය.

නමුත් ගණිකා පහස ලබන්නටත් පෙර හැඩි දැඩි පිරිමි දෙතුන් දෙනෙකු එන්නේ ගනුදෙනුකරුවාට තර්ජන ගර්ජන කරමිනි.

එසේ එන මැරයින් ගනුදෙනුකරුවා සතු වාහනයේ හෝ යතුරුපැදියේ යතුරු ඔවුන්ගේ අතට ගනී. එතැනින් නොනැවතී ගනුදෙනුකරුවාගේ ගෙලබැඳි රන්මාල, මුදු, පසුම්බිය එහි මුදල් සියල්ල කොල්ලකා ගන්නා මැර පිරිස ගනුදෙනුකරුවන්ට පන්න පන්නා පහර දෙති. අන්ත අසරණ වන ගනුදෙනුකරුවන් වැඳ වැටී මුදල් හා රන් ආභරණ ආපසු ඉල්ලූවත් ඒවා යළි ලැබෙන්නේ නැත.

මෙම කොල්ල කල්ලිය කාලයක් තිස්සේම මෙම අපරාධය කරගෙන ගියත් කිසිම ගනුදෙනුකරුවෙකු පොලිසියට නොගියේ ඉන් ඔවුන් දැඩි ලෙස අසරණ වන බැවිනි.

වීථි ගණිකාවක් යනු ගණිකාවන් අතර පහළම ස්ථරයේ සිටින ගැහැනියකි. වීථි ගණිකාවගේ ඇසුරක් පතන සමහරු විවාහකය. දූ දරුවන්ද සිටින අයය. එහෙව් අයකුට පොලිසියට ගොස් පැමිණිලි කර මේ අවනඩුව විසඳාගන්නට බැරිය. එය තමාගේ මුහුණේ පමණක් නොව බිරිඳගෙත්, දරුවන්ගේත් මුහුණේ දැලි ගා ගැනීමකි.

මේ කියන දක්‍ෂිණාරාමය ප‍්‍රදේශයේ ලැගුම්හලේ සිදුවන ජාවාරම ගැන තොරතුරු කිසිවක් හෙළිනොවුවත් මෙම ස්ථානයට ගිය බොහෝ පිරිසක් ඔවුනට සිදුවූ පාඩුව රහසක් සේ සඟවාගෙන සිටින්නේ ඒ නිසාය. එහි වාසිය ප‍්‍රයෝජනයට ගන්නා මේ වධකාගාරයක් බඳු ලැගුම්හලේ අපරාධකරුවන් කාලයක් තිස්සේම තරුණයන්ගේ මෙන්ම මැදිවියේ මිනිසුන් සන්තකයේ තිබූ රන් භාණ්ඩ, මුදල් සියල්ල කොල්ලකමින් මේ අපරාධය කරගෙන ගියේය.

ගල්කිස්ස පොලිසියට මෙම ස්ථානය පිළිබඳ තොරතුරු ලැබෙන්නේ ඔය අතරය. ඒ වනවිට අප පෙර කී රූපවාහිනී නාලිකාවේ කණ්ඩායමක්ද රහසිගතව මෙකී ස්ථානයේ සිදුවන සියල්ල වීඩියෝ කළේ එය මුළු රටටම අනාවරණය කිරීමටය. අදාළ රූපවාහිනි නාලිකාව සිය ප‍්‍රවෘත්ති අතරතුර මෙකී වධකාගාරයේ දර්ශන හා සිද්ධීන් ඇස්පනාපිට ප‍්‍රචාරය කර හැරියේය. රටම කැළඹිල්ලට පත්ව යද්දී ෆේස්බුක් හා අන්තර්ජාලය හරහාද ඒ දර්ශන එකිනෙකා අතර හුවමාරුවී ගියේය.

රූපවාහිනියෙන් පෙන්වන්න පෙර අපි ඔය කියන ස්ථානය වැටලූවා. එක් සැකකාරියක් හා සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගත්තා. මේ සංවිධානාත්මක කල්ලිය විසින් විවිධ පුද්ගලයන්ගෙන් කොල්ලකාගත් රන් භාණ්ඩ, මුදල් පවා සොයා ගත්තා. ඒ අය වරද පිළිගත්තා. අධිකරණයට ඔවුන්ව ඉදිරිපත් කළා යැයිද ගල්කිස්ස I සහකාර පොලිස් අධිකාරි පුෂ්පකුමාර මහතා පැවැසීය. මෙම ස්ථානය වැටලීම සිදුකළේ අදාළ රූපවාහිනී නාලිකාව එම දර්ශන පෙන්වන්න පෙරයි. අපිට එම ස්ථානය පිළිබ`ද පැමිණිලි කිහිපයක් ලැබී තිබුණා යැයිද ඒ මහතා කීය.

නමුත් අදාළ රූපවාහිනි නාලිකාව කළ අනාවරණය ඉතා අපූරුය. ඒ හෙළිකිරීම නොකරන්නට අදටත් ඔය කියන වධකාගාරය තුළ තරුණයන්ව කොල්ලකමින් මේ පාතාල නරුමයන් කටයුතු කරන්නට ඉඩ තිබිණි. එනිසා පොලිසිය මොන දේ කීවත් පොලිසියේ ආශිර්වාදය, රැකවරණය නොමැතිව මෙවැනි ජාවාරමක් කරගෙන යා හැක්කේ කාටද? පොලිසියේ ලොකු මහත්වරු නොව පොඩි මහත්වරු හෝ මෙකී ලැඟුම්හලට යම්කිසි
රැකවරණයක් ආරක්‍ෂාවක් ලබාදෙන්නට ඇතැයි සැක කිරීමේ වරදක්ද නොපෙනේ. අනෙක් අතට මෙය මේ රටේ තිබූ එකම හා පළමු ජාවාරම්කාර වධකාගාරය නොවන බවද පිළිගත යුතු දෙයකි.

ගල්කිස්ස ප‍්‍රදේශයේම තවත් ප‍්‍රදේශ ගණනාවක ගණිකා ව්‍යාපාරය ජයටම සිදුවන බවද නොරහසකි. හතු පිපෙන්නාක් මෙන් තැන තැන අටවා තිබෙන සැලෝන් බෝඞ් ලෑලි වලට මුවාවී ඊට යටින් යන ජාවාරමද

ගණිකා ව්‍යාපාරයය. මසාජ් සෙන්ටර් පිටුපසද ඇත්තේ ඔය කතාවමය. කොල්ලූපිටිය, බම්බලපිටිය, ගල්කිස්ස, වැල්ලවත්ත පුරා ඇති රහසිගත ස්ථාන වටලන්නේ නම් ඒ පිටුපස ඇති ජාවාරම් දහස් ගණනක් හෙළිකරගත හැකිය. බම්බලපිටියේ ලෝරිස් පාරේ ද සැලෝන් ඇත. ඒවායේද සිදුවන්නේ ඔය ටිකමය. පොලිසිවලට පැමිණිලි කළත් පොලිසියේ ඇත්තොත් මේවා මෙහෙයවන අයත් අතර ඇත්තේ සමීප ඇසුරුය. එනිසා ගල්කිස්ස, දක්‍ෂිණාරාමය ප‍්‍රදේශයේ වධකාගාරයක රූපරාමු පෙන්වූ රූපවාහිනී නාලිකාවට ඒ හෙළිදරව්වේ ගෞරවය හිමිවිය යුතුමය. මෙතැනින් සියල්ල අවසාන නැත. ඒ කැමරාව එල්ල කළයුතු තවත් බොහෝ තැන් ඇත. කිසිවකුට ඒ රූප රාමු බොරු යැයි කීමට නොහැකිය. එනිසා විද්යුත් කැමරාවට ඇත්ත ඇති සැටියෙන් හෙළිකළ හැකිය. කිසිවකු නොහඳුනන සීඅයිඒ කණ්ඩායමට ගල්කිස්සේ, දක්‍ෂිණාරාම වධකාගාරය පිළිබඳ කළ හෙළි දරව්වේ ගෞරවය ලැබිය යුතුමය.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment