පහළොස් කෝටි හැත්තෑ ලක්‍ෂයක  රන් බිස්කට් කටුනායකින් පන්නන්න  හැදූ සාප්පු සේවකයා අත්අඩංගුවට

313

රුපියල් පහළොස් කෝටි හැත්තෑ ලක්ෂයක් වටිනා කිලෝග්‍රෑම් 06 යි ග්‍රෑම් 995 ක් බරැති රන් බිස්කට් 60 ක් ඉනේ සඟවාගෙන කටුනායක ගුවන් තොටුපළෙන් පිට කිරීමට තැත්කළ තීරු බදු රහිත සාප්පු සංකීර්ණයේ සේවකයකු පෙරේදා (30 දා) රාත්‍රී අත්අඩංගුවට ගෙන තිබේ.

මොහු ජා-ඇල ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි තරුණයෙකි. මෙම රන් බිස්කට් දහය බැගින් වූ පාර්සල් 06 කට සකස් කරගත් මොහු, ඒවා තම ඉණ ප්‍රදේශයේ සඟවා ගනිමින්, පෙරේදා රාත්‍රී 07 ට පමණ ගුවන් තොටුපළෙන් පිට කිරීම සඳහා රැගෙන යමින් සිටියදී ගුවන් තොටුපළ ආරක්ෂක නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පසුව මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මෙම පුද්ගලයා සහ ඔහු රැගෙන ගිය රන් බිස්කට් තොගය ගුවන්තොටුපළ රේගු නිලධාරීන් වෙත භාරදී තිබේ. මෙම රන් බිස්කට් සියල්ල කැරට් 24 තනි පවුම් රත්තරන් බව තක්සේරුකරුවන් රේගුවට සනාථ කර තිබේ.

ප්‍රභාත් විතාන සහ ගුවන්තොටුපොළ – ටී. කේ. ජී. කපිල
 

advertistmentadvertistment
advertistmentadvertistment