පළමු අවසන් පූර්ව තරගය අද – 20-20 කාන්තා ලෝක කුසලාන තරගාවලිය

175

ඔස්ටේ්‍රලියාව, ඉන්දියාව එංගලන්තය සහ දකුණු අප්‍රිකාව අවසන් හතරට

2023 පන්දු වාර 20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය අද (23 වැනිදා) ලෝක ශූර ඔස්ටේ්‍රලියාව සහ ඉන්දියාව අතර කේප්ටවුන් හි නිව්ලන්ඩ්ස් ක්‍රීඩාංගනයේදී පැවැත්වේ.

ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 6.30ට තරගය ආරම්භ වීමට නියමිතය.

පළමු අවසන් පූර්ව තරගය අද - 20-20 කාන්තා ලෝක කුසලාන තරගාවලිය

මෙම රටවල් දෙකට අමතරව අවසන් පූර්ව තරග සඳහා සුදුසුකම් ලබා ගැනීමට එංගලන්තය සහ සත්කාරක දකුණු අප්‍රිකාව සමත් විය.

එංගලන්තය සහ දකුණු අප්‍රිකාව අතර තරගය හෙට පැවැත්වේ.

මෙම තරග දෙකෙන් ජයග්‍රහණය කරන කණ්ඩායම් දෙක ලබන 26 වැනිදා පැවැත්වෙන අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගනී.

මෙවර පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය සඳහා කණ්ඩායම් දහයක් සුදුසුකම් ලබාගත් අතර එම කාණ්ඩයන්ගෙන් පෙරමුණ ගත් කණ්ඩායම් හතර අවසන් පූර්ව තරග සඳහා සුදුසුකම් ලබා ගත්තේය.

ඒ අනුව ශ්‍රී ලංකාව ද නියෝජනය කළ ‘ඒ’ කාණ්ඩයෙන් පෙරමුණ ගැනීමට ලෝක ශූර ඔස්ටේ්‍රලියාව සහ දකුණු අප්‍රිකාව ද, ‘බී’ කාණ්ඩයෙන් පෙරමුණ ගැනීමට එංගලන්තය සහ ඉන්දියාව සමත් විය.

ශ්‍රී ලංකාව ‘ඒ’ කාණ්ඩය යටතේ තරග වැදී තරග දෙකක් ජයග්‍රහණය කර තරග දෙකක් පරාජයට පත් වී ප්‍රසාද ලකුණු 4ක් හිමි කර ගත්තේය. එම කාණ්ඩය යටතේ තරග වැදුණු නවසීලන්තය සහ දකුණු අප්‍රිකාවේ ද ප්‍රසාද ලකුණු සංඛ්‍යාව හතරක් ලෙස සටහන් වේ.

එහෙත් නවසීලන්තය සහ ශ්‍රී ලංකාවට වඩා ශුද්ධ ලකුණු ලබාගැනීමේ වේගය අතින් ඉදිරියේ පසු වන සත්කාරක දකුණු අප්‍රිකා කණ්ඩායම ඔස්ටේ්‍රලියාව සමග අවසන් පූර්ව තරග සඳහා සුදුසුකම් ලබා ගත්තේය. ඔස්ටේ්‍රලියාව තමන් සහභාගි වූ තරග හතරම ජයග්‍රහණය කර ප්‍රසාද ලකුණු 8ක් හිමිකර ගත්තේය.

advertistmentadvertistment
advertistmentadvertistment