පළමු තරගයෙන් එංගලන්තයට කඩුලූ 08 ක පහසු ජයක්

196

ශ‍්‍රී ලංකාව සහ එංගලන්තය අතර කාඩිෆ් හිදී පෙරේදා (23 වැනදා) පැවති පළමු පන්දුවාර 20 – 20 තරගයෙන් කඩුලූ 8 ක පරාජයක්  ශ‍්‍රී ලංකා කණ්ඩායමට හිමිවිය.
 
 කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් ශ‍්‍රී ලංකා කණ්ඩායම කඩුලූ 7 ක් දැවී රැස් කළ ලකුණු 129 ඉලක්කය හඹා ගිය එංගලන්ත පිතිකරුවන් කඩුලූ 2 ක් පමණක් දැවී ජයග‍්‍රාහී ඉලක්කය පසුකර ගියේය.
 
 නියමිත පන්දුවාර 20 න් තවත් පන්දු 17 ක් ඒ වන විට ඔවුන් අතැතිව තිබූ අතර එංගලන්ත ආරම්භක පිතිකරු යුගල වන ජොස් බට්ලර් සහ ජේසන් රෝයි එංගලන්ත කණ්ඩායමේ ජයග‍්‍රහණයට අඩිතාලම දැමුවේය.
 
 ආරම්භක කඩුල්ලේ සබඳතාවය ලකුණු 80 දී බිඳ වැටෙන විට ජේසන් රෝයි පන්දු 22 කදී ලකුණු 36 ක් රැස් කර තිබූ අතර ජොස් බට්ලර් ඉනිම අවසාන වන තෙක් නොදැවී කඩුල්ලේ රැුඳී සිටිමින් ලකුණු 68 ක් රැස් කළේය.
 
 ශ‍්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු රැුස්කළ පිතිකරුවා බවට පත් වූ තුන් ඉරියව් කී‍්‍රඩක දසුන් ශානක තරගයේ අවසන් පන්දුවේදී ලකුණු 50 කට දැවී ගියේය. ඒ වන විට දසුන් එංගලන්ත පන්දු යවන්නන් යොමු කළ පන්දු දෙකක් හතරේ සීමාවට ඉහළින් ද තවත් පන්දු තුනක් හතරේ සීමාවට ද එල්ල කර තිබිණි. නායක කුසල් ජනිත් පෙරේරා සිය සුපුරුදු ආරම්භක පිතිකරු ස්ථානයෙන් පියවරක් පසුපසට ගොස් අංක 03 පිතිකරු ලෙස පිටියට පිවස ලකුණු 30ක් ලබා ගත්තේය. වගකීම් සහගත පිතිහරඹයක නිරත වන අයුරු කුසල්ගේ ඉනිමෙන් දක්නට ලැබුණ ද ඔහු මුහුණ දුන් 26 වැනි පන්දුවේදී ඉදිරියට පැන එල්ල කළ පහර ක‍්‍රිස් ජෝර්දාන්ගේ අත් අතර සිරවීමෙන් කුසල්ගේ ඉනිම ද නිමා විය.
 
 ශ‍්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ලකුණු 10 සීමාව පසු කළ අනෙක් පිතිකරුවා වූයේ පන්දු 16 කදී ලකුණු 19 ක් රැුස්කළ ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලක පමණි. අවිශ්ක ප‍්‍රනාන්දු ලකුණු නොලබා දැවී ගිය අතර උප නායක කුසල් මෙන්ඩිස් ලකුණු 9 කටත්, ධනංජය ද සිල්වා ලකුණු 03 කටත් දැවී ගිය අතර වනිඳු හසරංගට රැුස්කර ගැනීමට හැකි වූයේ ලකුණු 05 ක් පමණි.
 
 පන්දු යැවීමේදී එංගලන්තය වෙනුවෙන් සෑම් කරන් කඩුලූ 02 ක් සහ අඩිල් රෂීඞ් කඩුලූ 02 බැගින් දවා ගත්හ.
 
 එංගලන්ත ඉනිමේ දැවී ගිය කඩුලූ දෙක ඉසුරු උදාන සහ දුෂ්මන්ත චමීර විසින් දවාගන්නා ලද අතර වනිඳු හසරංග එංගලන්ත පිතිකරුවන්ට තියුණු තර්ජනයක් ගෙන එමින් සිය පන්දුවාර 4 තුළ ලකුණු 12 කට සීමා කිරීමට සමත් වූයේය. තරගයේ වීරයා සම්මානය එංගලන්ත ආරම්භක පිතිකරු ජොස් බට්ලර්ට හිමි වූ අතර ශ‍්‍රී ලංකාවත් එංගලන්තයත් අතර දෙවැනි පන්දුවාර 20 – 20 තරගය ද කාඩිෆ් හිදී ඊයේ රාත‍්‍රි පැවැත්වීමට නියමිතව තිබිණි. තරග 3 කින් සමන්විත පන්දුවාර 20 – 20 තරගාවලියේ අවසන් තරගය හෙට (26 වැනිදා) පැවැත්වේ.

advertistmentadvertistment
advertistmentadvertistment