පළමු දින නවසීලන්තයේ කඩුලු දෙකක් බිඳ වැටේ

144

ශ්‍රී ලංකා නවසීලන්ත දෙවන ටෙස්ට් තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරාධනයෙන් ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම පළමු දිනය නිමාවන විට කඩුලු 2ක් දැවී ලකුණු 155ක් රැස්කරගැනීමට සමත්විය.

ඩෙවෝන් කොන්වේ ලකුණු 78ක් ද ටෝම් ලේතම් ලකුණු 21ක් ද රැස්කර ගත්හ.

එම කඩුලු දෙක ධනංජය ද සිල්වා සහ කසුන් රාජිත දවාගැනීමට සමත් වූහ.

නොදැවී පන්දුවට පහරදෙන කේන් විලියම්සන් ලකුණු 26ක් සහ හෙන්රි නිකල්ස් ලකුණු 18ක් රැස්කරගෙන සිටිති.

advertistmentadvertistment
advertistmentadvertistment