පළමු පදක්කම  ඩිලංකගෙන්  – 2022 පොදුරාජ්‍ය මණ්ඩලයීය  ක්‍රීඩා උළෙල

272

බර්මින්ග්හැම් නුවරදී ක්‍රියාත්මක වන 22 වැනි පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් පළමු පදක්කම වාර්තා කිරීමට බර ඉසිලීමේ ක්‍රීඩක ඩිලංක ඉසුරු කුමාර සමත්විය. ඒ මෙවර තරගාවලියේ කිලෝ ග්‍රෑම් 55 බර පන්තිය නියෝජනය කරමින් ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට සමත් වෙමිනි.

 කිලෝ ග්‍රෑම් 55 බර පන්තිය යටතේ තරග කළ ඩිලංක ඉසුරු කුමාර එහිදී ස්නැච් ක්‍රමයට කිලෝ ග්‍රෑම් 105ක්ද ක්ලීන් ඇන්ඩ් ජේර්ක් ක්‍රමයට කිලෝ ග්‍රෑම් 120ක්ද ඔසවනු ලැබීය. ඒ අනුව ඩිලංක විසින් ඔසවුන ලැබූ සම්පූර්ණ බර ප්‍රමාණය කිලෝ ග්‍රෑම් 226කි.

 එම ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට මැලේසියාවේ මොහොමඩ් අනික් සමත් වූ අතර කිලෝ ග්‍රෑම් 249ක බරක් එසවීමට ඔහු සමත්විය. එය පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ නව වාර්තාවක් ලෙසින් සටහන් වෙද්දී එම ඉසව්වේ රිදී පදක්කම දිනා ගැනීමට ඉන්දියාවේ සන්කෙට් මහදෙව් සමත්විය. ඒ කිලෝ ග්‍රෑම් 248ක සම්පූර්ණ බරක් ඔසවිමිනි.

advertistmentadvertistment
advertistmentadvertistment