පළමු පාසල් වාරයට පෙර ගුරුවරුන් 34,000 ක් බඳවා ගන්නවා

96

අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත

මෙම වසරේ පළමු පාසල් වාරය ආරම්භ වන මාර්තු 27 වැනිදාට පෙර උපාධිධාරීන් හා විද්‍යාපීඨ ඩිප්ලෝමාධාරීන් ලෙස ගුරුවරුන් 34000ක් බඳවා ගන්නා බව සභානායක, අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (17දා) පැවසීය.

රාජ්‍ය සේවයේ නිරත උපාධිධාරීන් 26,000 ක් හා ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරීන් 8000 ක් ද ලෙස මෙම පිරිස බඳවා ගන්නා බව ද, මැතිවරණ කොමිෂන් සභාවේ අනුමැතිය ලද වහාම දැනට රාජ්‍ය සේවයේ නිරත උපාධිධාරින් 26,000ක් ගුරු සේවයට බඳවා ගැනීමේ නිවේදනය නිකුත් කරන බව ද ඒ මහතා පැවසීය.

මැතිවරණයක් ප්‍රකාශයට පත්කර ඇති අවස්ථාවක බඳවා ගැනීම් සිදුකිරීමට මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයාගේ අනුමැතිය අවශ්‍ය බවත් එම අනුමැතිය ලද වහාම රාජ්‍ය සේවයේ නිරත උපාධිධාරීන් 26000 ක් ගුරු සේවයට බඳවා ගැනීමට අදාළ නිවේදන නිකුත් කරන බවත් ඇමතිවරයා කීය.

විද්‍යාපීඨවලින් පිටවූ ඩිප්ලෝමාධාරීන් 8000 ක් ද ගුරු සේවයට බඳවා ගන්නා අතර මෙම පිරිස බඳවා ගැනීමෙන් මෙම වසරේ පළමු පාසල් වාරය ආරම්භ වීමට පෙර ගුරු තුලනය සිදුකරන බවද ඇමැතිවරයා සඳහන් කළේය.

අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉමිතියාස් බාකීර් මාකර් මහතා විසින් මතු කරන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment