පළමු ශ්‍රේණියේ අධ්‍යාපන කටයුතු ලබන අපේ‍්‍රල් මාසයේ අරඹනවා – සරසවියට වැඩිපුර සිසුන් දසදහසක්

101

ලබන අපේ‍්‍රල් මාසයේදී 2022 වසරට අදාළ පළමු ශ්‍රේණියේ ඉගෙනුම් කටයුතු ආරම්භ කරන බව අධ්‍යාපන ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතා පැවැසීය.

කොවිඞ් හේතුවෙන් මගහැරුණු පැය ගණනාවක් පන්ති කාමරය තුළ අවසන් කිරීමට අවශ්‍ය නිසා ඉදිරි මාසතුන ඒ සඳහා වෙන්කර ඇති බවද ඇමැතිවරයා කීය.

මේ අතර ශී‍්‍ර ලංකාවේ විශ්වවිද්‍යාල වලට මේ වසරේ නවක සිසුන් දස දහසක් (10,000) වැඩිපුර ඇතුළත් කරගන්නා බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේදී ඇමැතිවරයා පැවසීය.

අධ්‍යාපනය සඳහා රුපියල් මිලියන පහක් වැඩිපුර ගෙවීමට මුදල් අමාත්‍යවරයා 2022 අයවැයෙන් ඉඩ සලසා තිබෙන බවද විශ්වවිද්‍යාල සියල්ලටම බෙදී යන ආකාරයට නවක ශිෂ්‍යයන් දසදහස ඇතුළු කරගන්නා බවද අමාත්‍යවරයා කීය.

විභාග ප‍්‍රතිඵල නිකුත් කිරීමේ ප‍්‍රමාදය වැළැක්වීමට සැලසුම් සකස්කරගෙන යන බවත් විශ්වවිද්‍යාලයට පිවිසෙන ශිෂ්‍යයකුට අවුරුද්දකදී ප‍්‍රථම උපාධි විභාගයට පෙනී සිටීමේ අවස්ථාව එමගින් සලසන බවත් පැවසූ අමාත්‍යවරයා බාහිර උපාධි ලබාගැනීමේ අපේක්‍ෂාවෙන් සිටින ශිෂ්‍යයන්ට අවශ්‍ය පහසුකම් සපුරාලීමටද කටයුතු කිරීම තම අරමුණක් බවද පැවැසීය.

පළමුවැනි ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමත්, පාසල් විභාග පැවැත්වීම සඳහාත් මේ වනවිට දින වකවානු සැලසුම් කර තිබෙන බවද අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවැසීය.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ නිරීක්‍ෂණ චාරිකාවක යෙදුණු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා එසේ මධ්‍යයට අදහස් දැක්වීය. උපකුලපති මහාචාර්ය එම්. ඞී. ළමාවංශ මහතා ප‍්‍රමුඛ ආචාර්ය මණ්ඩලය විසින් අමාත්‍යවරයා පිළිගනු ලැබීය.

සිරිල් විමලසුරේන්ද්‍ර
 

advertistmentadvertistment
advertistmentadvertistment