පළාත් කිහිපයකට වැසි

62


බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ අඩුපීඩන කලාපය හේතුවෙන් දිවයිනේ උතුර, නැගෙනහිර, උතුරුමැද සහ ඌව පළාත්වල විටින් විට වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටී.

උතුරු, උතුරු මැද, වයඹ සහ ඌව පළාත්වල අහස වළාකුලින් බරව පවතින අතර, විටින් විට වැසි ඇතිවන අතර, බස්නාහිර, මධ්‍යම, සබරගමුව සහ වයඹ පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනිත් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

උතුරු, නැගෙනහිර, සබරගමුව සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානයන්හි මිලිමීටර 50ට වැඩි තරමක තද වැසි ඇතිවන බව එම දෙපාර්තමේන්තුව කියා සිටී.

මධ්‍යම සහ නිරිතදිග බෙංගාල බොක්ක ගැඹුරු මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර 50, 60 පමණ දක්වා වැඩිවිය හැකි බැවින් එම මුහුදු ප්‍රදේශවල ධීවර හා නාවික කටයුතුවල යෙදීමේදී අවධානයෙන් කටයුතු කළ යුතු බව ද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment