පළාත් කොටු පැන්නොත් වැඩ වරදී

323

පළාත් අතර සංචරණ සීමා පනවා තිබියදී පා ගමනින් වෙනත් පළාත් වෙත යන පුද්ගලයින් අල්ලා ගැනීමේ මෙහෙයුමක් කි‍්‍රයාත්මක කරන බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කීය.

පළාත් සීමා වෙත ඇතැම් පුද්ගලයින් බස් රථවලින් පැමිණ ඉතිරි මග පා ගමනින් ගොස් වෙනත් පළාතකට පිවිසෙන බවට මේ වන විට නිරීක්ෂණය වී ඇතැයි ද හෙතෙම සඳහන් කරයි.

මේ අතර ගතවූ පැය 24 තුළදී නිරෝධායන නීති උල්ලංඝනය කරනු ලැබූ පුද්ගලයින් 284 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවද ඒ මහතා කීය.
මේ වන විට එලෙස අත්අඩංගුවට ගෙන ඇති සමස්ත ප‍්‍රමාණය 55173ක් බවද හෙතෙම පැවසීය.

advertistmentadvertistment
advertistmentadvertistment