පළාත් පාලන ආයතන ගැන නීතියට අනුව කටයුතු කරනවා – අගමැති

91

පළාත් පාලන ආයතන සම්බන්ධයෙන් කටයුතු කළ හැක්කේ නීතියට අනුව පමණක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (07දා) දින පැවසීය.

ඔහු මෙම අදහස් පළ කළේ බුද්ධික පතිරණ මන්ත්‍රීවරයා විමසූ අතුරු ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි. මේ මස 19 වැනිදා පළාත් පාලන ආයතනවල නිල කාලය අවසන්වීමෙන් පසු ගන්නා ක්‍රියාමාර්ග ගැන මන්ත්‍රීවරයා විමසීය.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මෙසේද කීය.

අපේ මාතර දිස්ත්‍රික් මන්ත්‍රීතුමා අහන ප්‍රශ්නයම විපක්‍ෂ නායකතුමාත් 27/2 යටතේ අසා තිබෙනවා. ඉතිං විපක්‍ෂනායක තුමත් අහන්නේ ඔය ප්‍රශ්නයම තමයි අන්තිමට. ඒ ගැන නීතිය අනුව කටයුතු කිරීම පමණයි කරන්න පුළුවන්. මැතිවරණ කොමිසම මහා භාණ්ඩාගාරයේ ලේකම්තුමා කැඳවලා අද සාකච්ඡා කිරීම අනූව තමයි ඊළඟ කාරණාවලට බහින්න පුළුවන් වන්නේ.

රනිල් ධර්මසේන, අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment