පළාත් පාලන ආයතන විශේෂ කොමසාරිස් පාලනයකට

356


මෙම මස 19 වැනිදායින් පසු පළාත් පාලන ආයතන 341ක නිල කාලය කොමසාරිස් පාලනයකට යටත් කිරීමට නියමිතය.
ඒ අනුව මහනගර සභාවල පාලනය නාගරික කොමසාරිස්වරුන්ට සහ නගර සභා හා ප්‍රාදේශීය සභාවල පාලනය එහි ලේකම්වරු යටතට පත්වනු ඇත.
එසේ පළාත් පාලන ආයතන විශේෂ කොමසාරිස් පාලනයකට යටත් කිරීමෙන් අනතුරුව කටයුතු කළයුතු ආකාරය සම්බන්ධයෙන් ආණ්ඩුකාරවරුන් දැනුවත් කිරීමට රජය පියවර ගෙන තිබේ.

විෂයභාර අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් ආණ්ඩුකාරවරු සමග පැවති සාකච්ඡාවකදී එම දැනුවත් කිරීම සිදු කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment